Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ මෝඩ ගබිරිස් උන්දෑ උණ ගැනුණු දරුවෙකුට කරපු ගොඩ වෙදකමක ඇබැද්දියක් ගැන රස කතාවක්.#sbsaudiopodcast

ශ්‍රී ලංකාවේ යාපනයේ චුණ්ඩික්කුලි බාලිකා පාසලේ නිව් සවුත් වේල්ස් ආදී සිසුවියන්ගේ කණ්ඩායම සුහද දැල්පන්දු තරඟයක් සංවිධානය කර තිබෙනවා. මෙම තරඟයට කොළඹ, මහනුවර, බණ්ඩාරවෙල, මඩකලපුව, යාපනය යනාදී දිස්ත්‍රික්ක රැසක පාසල් නියෝජනය කරමින් ආදී සිසුවියන් සහභාගී වීමට නියමිතයි. ඒ පිළිබඳව SBS සිංහල සේවය සමඟ අදහස් දැක්වීමකට චුණ්ඩික්කුලි බාලිකා පාසල් ආදී සිසු සංසදයේ සභාපතිනි ශිවානි ධීරාජ් සහ Sri Lankan Australian Womens' Network සභාපතිනි නාලිකා පද්මසේන එක් වුණා. කාන්තාව, සෞඛ්‍යය සහ යහපැවැත්ම, ක්‍රීඩාව, එකමුතුකම සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රජා සහ මිතුරු සංවිධානවල වටිනාකම පිළිබඳ ඔවුන්ගේ අදහස්වලට ඔබත් සවන් දෙන්න.#sbsaudiopodcast

ඕස්ට්‍රේලියානු අගනුවර භූමියේ SBS සිංහල වාර්තාකරු තිළිණ බණ්ඩාර ‘කැන්බරා අඬහැරේ' මාසික විශේෂාංගය වෙනුවෙන් සම්පාදනය කල ප්‍රභාශ්‍රී හේරත් ඉදිරිපත් කරන මේ වැඩසටහනට සවන් දෙන්න.#sbsaudiopodcast #sbssinhala

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ඔක්තෝබර් මස 01වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න

ටස්මේනියාවේ ලොන්සෙස්ටන් නුවර කැටරැක්ට් දෝරුව ගැන මේ කෙටි වැඩසටහන SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්තයේ වාර්තාකාරිණී නුමායා බුලත්සිංහල ‘Tassie මංසල' මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast #sbssinhala

අධිරාජ්‍යවාදයේ සහ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීම සනිටුහන් කරමින් 1949 ඔක්තෝබර් 01 වෙනිදා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මහජන චීන සමූහාණ්ඩුව ස්ථාපිත කර මේ වසරට අවුරුදු 77 ක් සපිරෙනවා. චීනය එදා මෙදා තුර ගෝලීය දේශපාලන ආර්ථික හා සමාජීය ලෙස අත්කර ගෙන ඇති පරිවර්තනීය බලපෑම පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලයේ (Swinburne University of Technology) ශාස්ත්‍රීය පර්යේෂිකාවක ලෙස කටයුතු කරන ආචාර්ය චූලනී අත්තනායක මහත්මිය දැක්වූ අදහස් වලට සවන් දෙන්න.#sbsaudiopodcast

ඩාවින් හි දී පැවැත්වුනු Pitch Black Flying Show පිළිබඳ SBS සිංහල සේවයේ උතුරු භූමි ප්‍රදේශයේ වාර්තාකාරිණී විනී වීරසූරිය ‘සුන්දර ඩාවින්' මාසික විශේෂාංගය වෙත සම්පාදනය කල මේ වැඩසටහනට සවන් දෙන්න.#sbsaudiopodcast #sbssinhala

ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයත් එක්ක මේ දිනවල් බොහෝ දෙනෙක් පිහිනීමට මුහුදට යාමට සූදානම් වෙනවා. නමුත් මෝර ප්‍රහාර පමණක් නොව Rip Current පිළිබඳවත් ලොකු අවධානයක් පැවතීම වැදගත් බව විශේෂඥයින් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.#sbsaudiopodcast

ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින් සෑම වසරකම කාඩ්පත් ගනුදෙනු සඳහා වන surcharges ලෙස ඩොලර් බිලියන 1.6ක් ගෙවන බව ඕස්ට්‍රේලියානු මහ බැංකුව සඳහන් කරයි. ඔක්තෝබර් 1 වැනිදා සිට, එම තත්ත්වය වෙනස් වීමට නියමිත නමුත් මේ බර ව්‍යාපාරවලට ලැබීම නිසා එය නැවතත් පාරිභෝගිකයාටම ගෙවීමට සිදුවන ලකුණු මතුව තිබෙනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජාත්‍යන්තර ශිෂ්‍යයන්ට වැදගත් වන මේ උපදෙස් වෛද්‍ය දමිතා මුණසිංහ මහත්මියගෙන්. මෙම වැඩසටහන SBS සිංහල සේවයේ බටහිර ඔස්ට්‍රේලියා වාර්තාකාරිණී දුලාංජලී විජේතිලක ‘පර්ත් තතු මංජරී' මාසික විශේෂාංගය වෙත සම්පාදනය කරන ලද්දක්.#sbsaudiopodcast #sbssinhala

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 29වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast

ලෝක බල තුලනය වේගයෙන් වෙනස් වෙමින් පවතින අවස්ථාවක, දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය සහ ජාත්‍යන්තර ගැටුම් වැනි අභියෝග හමුවේ ඕස්ට්‍රේලියාවේ භූමිකාව පිළිබඳ නව අවධානයක් යොමුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් අගමැති ඇන්තනි ඇල්බනීසි පෙන්වා දුන්නේ, ලෝකයේ අනාගතය බලවත් රටවල් කිහිපයකට පමණක් තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බවයි. එසේ නම්, වෙනස් වන ගෝලීය පරිසරය තුළ ඕස්ට්‍රේලියාවට ඇති බලපෑම සහ වගකීම කුමක්ද?

Do you know who can help you with a business permit, a rental problem or family support? Through the stories of Fedele, Carol and Abeer, learn how Australia's three levels of government work. Find out what local, state or territory, and federal governments are responsible for and where to turn for help. - ව්‍යාපාර බලපත්‍රයක්, කුලී නිවස්නේ ගැටලුවක්. පවුල් සහායක් යනාදී ප්‍රශ්න හමුවේ ඔබට උපකාර කළ හැකි අය පිළිබඳව ඔබ දැනුවත් ද? ඕස්ට්‍රේලියාවේ මට්ටම් තුනකින් යුත් රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳව සැබෑ ජීවිත කතා අනුසාරයෙන් දැනගන්න. ප්‍රාදේශීය, ප්‍රාන්ත/ටෙරිටරි, ෆෙඩරල් රජයන්ගේ වගකීම් පිළිබඳවත් ඔවුන් විසින් ලබා දෙන සේවාවල විවිධතා පිළිබඳවත් මේ විශේෂාංගයෙන් දැනුවත් වෙන්න.How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page. - How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page.

How do Australia's governments, laws and public services affect your everyday life? Through real stories, this introduction to the series shows you where to start when you need information and support, and how to question a decision. - ඕස්ට්‍රේලියාවේ රජයන්, නීති සහ රාජ්‍ය සේවය ඔබගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේ ද? සැබෑ ජීවන අත්දැකීම් තුළින් ඕස්ට්‍රේලියාවේ වැඩකටයුතු සිදු වන ආකාරය පිළිබඳව ගෙන එන විශේෂාංග මාලාවේ හඳුන්වාදීමේ කතාංගයයි මේ.How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page. - How Australia Works is an SBS podcast that uses real stories and clear explanations to help you understand how government work in Australia, how laws are made and changed, and how you can have a say. Listen to the series and find shorter versions in 60 languages on the How Australia Works main page.

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා වෙනස්කම් සමග ඕස්ට්‍රේලියාවට පැමිණීමට සැලසුම් කරන ජාත්‍යන්තර සිසුන් දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.#sbsaudiopodcast

විනිසුරුවරයෙකුගේ සේවා කාලයට අවුරුදු දෙකක් එකතු කිරීම කුඩා වෙනසක් මෙන් හැඟෙන්නට පුළුවන්. නමුත් මේ යෝජනාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව විශාල විවාදයක් ඇතිවුණා. විරෝධතාද පැවැත්වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 67ක් පවා ඉදිරිපත් වුණා. නමුත් ඒ සියල්ල අවසානයේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් බවට පත්වී තිබෙනවා. මෙහිදී සංශෝධනය වූ කරුණු මොනවාද? මෙයට ඇතැම් පාර්ශව වලින් දැඩි විරෝධයක් එල්ල වුයේ ඇයි? ඒ පිළිබඳව අප ගෙන එන මේ කෙටි විශේෂාංගයට සවන් දෙන්න#sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 28වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast

නේහා කුමාර්ට NRLW ජාතික කාන්තා රග්බි ලීග් තරගාවලිය පිළිබඳ දැන්වීමක් අහම්බෙන් දකින්න ලැබුණා. මේ තරඟාවලිය පිළිබඳ වැඩි අවබෝධයක් නැති බව ඇය තේරුම් ගත්තා. ෆීජියානු- ඉන්දීය සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානු ජාතික නේහා කාන්තා රග්බි ලීග් ක්‍රීඩාව වෙනුවෙන්ම “Watch Her Footy” ඇරඹුවේ එලෙසින්.#sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රාන්තයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් නුමායා බුලත්සිංහල ගෙන එන ‘Tassie මංසල' මාසික වාර්තාමය විශේෂාංගය.#sbsaudiopodcast #sbssinhala

ඔස්ට්‍රේලියාවේ උතුරු භූමි ප්‍රදේශයේ ශ්‍රී ලාංකේය ප්‍රජාවේ තොරතුරු සහ සිදුවීම් රැගත් SBS සිංහල සේවය වෙනුවෙන් විනී වීරසූරිය ගෙන එන ‘සුන්දර ඩාවින්' මාසික වාර්තාමය විශේෂාංගය.#sbsaudiopodcast

සැප්තැම්බර් 21වන දා සිට සැප්තැම්බර් 25වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.#sbsaudiopodcast

ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන දීපාවලී සංස්කෘත භාෂාවේ “දීප්” සහ “ආවලි” යන වචන දෙකෙන් බිහි වූ නමකි. “දීප්” යන්නෙන් ආලෝකයත්, “ආවලි” යන්නෙන් පේළියත් අදහස් කරයි. අඳුර පරදා ආලෝකය ජයගැනීම යන සුන්දර පණිවිඩය රැගත් දීපාවලි සැමරුමේ විවිධත්වයත්, දින පහක් පුරා සිදු කෙරෙන චාරිත්‍ර පිළිබඳවත් තොරතුරු රැගත් මේ විශේෂාංගයට සවන් දෙන්න.

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා' අහන්න.#sbsaudiopodcast

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය'. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.#sbsaudiopodcast

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 25 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.#sbsaudiopodcast

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ එක් ප්‍රධාන නඩුවක තීන්දුව ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කරගමිනින් සිදු කළ බෝම්බ ප්‍රහාරවලට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් නියම වුණා.#sbsaudiopodcast

SBS සිංහල සේවයේ ටස්මේනියා ප්‍රාන්ත වාර්තාකාරිණිය ලෙස කටයුතු කරන නුමායා බුලත්සිංහල ඇගේ ඔස්ට්‍රේලියා ජීවිත අත්දැකීම් සහ මාධ්‍ය හා කලා ලෝකයට ඇති ඇගේ සබැඳියාව පිළිබඳ දැක් වූ අදහස්.#sbsaudiopodcast #sbssinhala

අපේ වහරේ කතා අහුරෙන් සාහිත්‍යවේදී අශෝක පියරත්න අද කියන්න යන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුන්නාන්සේ කෙනෙකුට යකෙක් නිසා වුන ඇබැද්දියක් ගැන කතාවක්.#sbsaudiopodcast #sbssinhala

ලේබර් රජය, ලිබරල් සන්ධානය, වන් නේෂන් පක්ෂය සහ ග්‍රීන්ස් පක්ෂය සංක්‍රමණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය පිළිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.#sbsaudiopodcast

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 24වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න#sbssinhala #sbspodcast

National parks, nature reserves, marine sanctuaries and Indigenous Protected Areas protect different environments and operate under different rules. What makes an Indigenous Protected Area different, and how can you find out whether you are welcome to visit? - ඔස්ට්‍රේලියාවේ ස්වභාවික සුන්දරත්වය බලන්න යන ගමනකදී, ජාතික වනෝද්‍යාන, ස්වභාවික රක්ෂිත සහ සාගර වගේම 'Indigenous Protected Areas' එහෙමත් නැත්නම් IPA ලෙස හඳුන්වන ප්‍රදේශත් ඔබට හමුවෙන්න පුළුවන්. නමුත් මේ හැම ප්‍රදේශයකටම අපිට කැමති විදිහට ඇතුළු වෙන්න පුළුවන්ද? Indigenous Protected Areaස ලෙස හඳුන්වන ආදිවාසී ජනතාව රැකබලා ගන්නා ඔස්ට්‍රේලියාවේ විශේෂ භූමි ප්‍රදේශයක් සාමාන්‍ය ජාතික වනෝද්‍යානයකින් වෙනස් වෙන්නේ කොහොමද? මේ පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු අද 'Australia Explained' විශේෂාංගයෙන්.

ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ටච් ෆුට්බෝල් මේ වන විට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. ප්‍රජා ක්‍රීඩාවක් ලෙස ද ප්‍රචලිත ටච් ෆුට්බෝල් ඔස්සේ ශරීර සුවතාවට අමතරව නව මිතුරන් හඳුනා ගැනීම ද සිදු කෙරෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන මේ විශේෂාංගයේ අදහස් දැක්වීම Sri Lanka Touch Footy Club Sydney සභාපති කීත් රොසයිරෝ සහ ලේකම් චරිත් ෆොන්සේකාගෙන්. ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමේ ක්‍රීඩාවක් ලෙස ටච් ෆුට්බෝල් හඳුන්වා ගැනීමේ ක්‍රියාවලියට ද ඔවුන් මේ වන විට අයදුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.#sbsaudiopodcast

යහපත් නිරෝගී දිවිපෙවෙතකට වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා තොරතුරු ගෙනෙන විශේෂාංගය. මෙම වැඩසටහන Respiratory syncytial virus (RSV) රෝගය හා ඉන් ආරක්ෂා වීම සඳහා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳවයි.#sbsaudiopodcast #sbssinhala

ඉන්ධන මිල නැවතත් ඉහළ යනවා. නිවාස ණයක් තිබෙනවා නම් එහි වාරිකයට දැනටමත් විශාල පීඩනයක් එල්ල කරනවා. මේ අතර සැප්තැම්බර් මාසයේ පොලි අනුපාත නැවත ඉහල දැමීමක් පිළිබඳව අනාවැකි පළවන්නට පටන් අරන්. මේ මාසයේ ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත නැවතත් ඉහල දමයිද? මේ පිලිබඳ තොරතුරු මේ විශේෂාංගයෙන්.

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 23වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast

වසර තුනක් තුළ ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ජාත්‍යන්තර සිසුන්ට සහ උපාධිධාරීන්ට ලබා ෙදන ස්ථාන ලක්ෂ ගණනකින් කප්පාදු කිරීමට One Nation පක්ෂ යෝජනා කර තිබෙනවා. කෙසේ නමුත් එම පක්ෂයේ සංක්‍රමණ සැලැස්මට එරෙහිව විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය සිය විරෝධය පළ කරනවා. මෙවර කාලීන විග්‍රහය ඒ පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව යළිත් වතාවක් සංශෝධනය කිරීමට සූදානම් වන පසුබිමක ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය හා යහපත් ආණ්ඩුකරණයට රටක මූලික නීතියේ ඇති වැදගත්කම පිළිබඳ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ සම්මානිත මහාචාර්ය සූරි රත්නපාල මහතා SBS සිංහල සේවය සමග දැක්වූ අදහස් වලට සවන් දෙන්න.#sbsaudiopodcast #sbssinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ රථවාහන වැරදි පිළිබඳ බලාත්මක නීති සහ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් අටම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන.#sbsaudiopodcast #sbssinhala

BYD Shark 6 රථයක් වැඩි වෙහෙසකින් තොරව හැක් කල හැකි බව ABC ආයතනයේ Four Corners මගින් කල නවතම විමර්ශනයකින් හෙළිව තිබේ. මේ ඔස්සේ රථයේ බ්‍රේක්, කැමරා වැනි වඩාත් වැදගත් පද්ධති වලට වඩා ඉතා පහසුවෙන් Headlights පාලනය කිරීම, දොරවල් අගුලු දැමීම වැනි සාමාන්‍ය පාලනය හැකර්වරයකුට ගත හැකි බවත් එය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය ගැන ගැටළුවක් වන බවත් ඔවුන් සඳහන් කරයි. මේ කෙටි විශේෂාංගය ඒ පිළිබඳවයි.

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, සැප්තැම්බර් මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.#sbsaudiopodcast