Search for episodes from Astro Talks with a specific topic:

Latest episodes from Astro Talks

Astro Talks S01-BonusEpisode: Tech entrepreneurship as a Sri Lankan: Discussion with Biman Liyange about his career as an entrepreneur

Play Episode Listen Later Jan 1, 2021 42:53


නව තාක්ෂණික නිපැයුම් වලින් ලොව ජයගත් ව්‍යවසායකයෙකු වන ආදී නාලන්දීය බිමන් ලියනගේ සමග සංවාදය. චීනයේ Beihang විශ්ව විද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය ලබා නව නිපැයුම් ක්ෂේත්‍රයට යොමු වී තාක්ෂණික පැළඳුම් (wearable tech) අංශයේ නව නිපැයුම් බොහෝ ගණනක් ලොවට හඳුන්වා දීමට මෙන්ම ඒවා වාණිජ මට්ටමෙන් නිපදවීමට Startup ගණනාවක් ආරම්භ කර ඇති බිමන් මෙම සංවාදයේදී නව නිපැයුම් කරුවන්ට වැදගත් වන කරුණු රැසක් ගැන කතා කරයි. Conversation with Old-Nalandiya Biman Liyanage, a world-renowned entrepreneur of new technological inventions. After further education at Beihang University in China and focusing on the field of innovation, Biman, who has started a number of startups to introduce a wide range of wearable tech innovations to the world, talks about a number of issues that are important to inventors. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E29: Panel Discussion - Here we answer your questions on how to become a scientist

Play Episode Listen Later Dec 23, 2020 95:10


අපට ඔබ යොමු කල ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන අප වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන. මෙහිදී විද්‍යාඥයෙකු වීමට අදහස් කරන ඔබට වැදගත් වන කරුණු ගැන අපි කතාකිරීමට බලාපොරොත්තු වෙමු. මෙම සාකච්ඡාවට ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සහ කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ Postdoctoral Researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරන, පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂක ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු එක්ව සිටී. සාකච්ඡාවේ මෙහෙයවීම ඇමරිකාවේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක අශාන් ආරියවංශ විසින් කෙරෙනු ලැබේ. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E28: Science entrepreneurship in Sri Lanka: Exciting ways of developing commercial products from science research

Play Episode Listen Later Dec 17, 2020 47:58


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නැනෝ තාක්ෂණය හා ද්‍රව්‍ය විද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන හා එහි ජ්‍යෙෂ් කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය ප්‍රසංග මන්තිලක සමග කෙරෙන සංවාදය. මෙහිදී ආචාර්ය මන්තිලක දැනට සිදුකරගෙන යන ලංකාවේ ඛනිජ වලින් සිදුකරන අගය එකතු කල නිෂ්පාදන ගැනත් ඒ ඔස්සේ ආරම්භ කර ඇති කර්මාන්ත පිළිබඳවත් සාකච්ඡා කෙරේ. එමෙන්ම සිසුන් තමන්ගේ පර්යේෂණයක් හෝ අදහසක් වෙළඳපොල නිපැයුමක් දක්වා ගෙනයන්නේ කෙසේද යන්න පිළිබඳවත් වැඩි අවදානයක් යොමු වේ. ආචාර්ය මන්තිලක SLINTEC ආයතනයේ advanced materials research අංශයේ ප්‍රධාන පර්යේෂකයෙකු ලෙසද සේවය කර ඇති අතර dolomite, calcite, apatite, ilmenite, monazite, iron-bearing minerals, zircon, හා graphite යන ඛනිජ ආශ්‍රිතව පර්යේෂණ සිදුකර ඇත. මෙතෙක් ඔහු විවිධ යෙදුම් සඳහා නැනෝ ද්‍රව්‍ය සංස්ලේෂණය කිරීමට නව සරල හා ලාභදායි ක්‍රමවේදයන් වැඩි දියුණු කර ඇත. ඔහු නැනෝ-ජලභීතික හා තෙල් විකර්ෂක පෘෂ්ඨ නිර්මාණය සඳහා ද කටයුතු කරයි. Today we talk with Dr. Prasanga Mantilaka, a senior Lecturer and postgraduate supervisor at the Postgraduate Institute of Science (PGIS), University of Peradeniya, Sri Lanka. He was a Senior Research Scientist and leader of the advanced materials research area of Sri Lanka Institute of Nanotechnology (SLINTEC) before. His major research area is the synthesis of nanomaterials for industrial, environmental, and medical applications using cheap raw materials including naturally occurring minerals such as dolomite, calcite, apatite, ilmenite, monazite, iron-bearing minerals, zircon, and graphite. So far, he has developed many novel simple, and economical techniques to synthesize nanomaterials for various applications. He is also working on the fabrication of nano-architectured super-hydrophobic and oil-repellent surfaces. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E27: Astronomy research in Sri Lanka: a discussion with a research scientist at Arthur C Clarke Institute

Play Episode Listen Later Dec 9, 2020 29:23


මොරටුව ආතර් සී ක්ලාර්ක් ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා සමග කෙරෙන සංවාදය. මෙහිදී දැනට එම ආයතනයේ සිදුවන පර්යේෂණ ගැන, විශේෂයෙන් සුර්ය විදාරණ රේඩියෝ තරංග ඇසුරෙන් නිරීක්ෂණය, තාරකා වල අසමමිතික ප්‍රසාරණ ඇසුරින් එහි අභ්‍යන්තරය විශ්ලේෂණය කිරීම, වෙනත් තරු වටා යන ග්‍රහ පද්ධති සොයාගැනීම, ආදිය මෙන්ම ලංකාවේ පාසල් සිසුන් හා මහජනයා අතර තාරකා විද්‍යාව ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් වැදගත් දේවල් ද පාසල් හෝ විශ්වවිද්‍යාල සිසුන්ට එම ආයතනය හා සම්බන්ධ වීමට හැකි ආකාර ගැනද සාකච්ඡා කෙරේ. Today we talk with Mr. Janaka Adassuriya, a research scientist at the Arthur C. Clarke Institute for Modern Technologies in Moratuwa, Sri Lanka. We discuss current research that is undertaken at the institute such as stellar seismology, exoplanets, solar radio burst observations, etc., and how the institute plays a role in the popularization of astronomy among school students and the public. Also, we focus on how the school and university students can collaborate with ACCIMT to carry out astronomy related projects. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E26: What is key to become a better scientist: a discussion with world-renowned physicist Prof. Chandima Gomes.

Play Episode Listen Later Dec 3, 2020 64:08


අධි වෝල්ටීයතා ඉංජිනේරු තාක්ෂණය හා අධි වෝල්ටීයතා භෞතික විද්‍යාව පිළිබද ලොව ප්‍රවීනතම විද්‍යාඥයෙකු වන මහාචාර්ය චන්දිම ගෝමස් සමග සංවාදය. ඔහු දැනට දකුණු අප්‍රිකාවේ විට්ස් සරසවියේ මහාචාර්ය ධුරයක් දරන අතර එහි අධි වෝල්ටීයතා ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරද දරයි. මෙම සංවාදයේදී අපි අවධානය යොමු කරන කරුණු අතර විද්‍යාඥයෙකු ලෙස සාර්ථක වීමට කල යුතු දේ, ලංකාවට ගැලපෙන පර්යේෂණ ආකෘති, මූලික හා ව්‍යවහාරික විද්‍යා පර්යේෂණ වලින් හොඳම මොනවාද, නුදුරු අනාගතයේ විශාල ප්‍රගතියක් අත්කර ගන්නා පර්යේෂණ විෂයයන් වැනි වැදගත් කරුණු රැසක් ඇත. Today we talk with the prominent Sri Lankan scientist Prof. Chandima Gomes, who is the director at the Center for Excellence in High Voltage Engineering at the Wits University, Johannesburg, South Africa. He sheds light on many aspects of scientific research in Sri Lanka. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E25: The amazing world of Zoology: How to excel in academia, research, publications, science communication, and entrepreneurship.

Play Episode Listen Later Nov 26, 2020 41:09


පරිණාමික ජෛව විද්‍යාඥයෙක් සහ සත්ව විද්‍යාඥයෙක් ලෙස ඕස්ට්‍රේලියාවේ CSIRO ආයතනයේ පර්යේෂණ කරන ආචාර්ය රුචිර සෝමවීර සමග සංවාදය. ඔහු උරගයින් (විශේෂයෙන් කිඹුලන් සහ මුහුදු සර්පයින්) පිලිබඳ විශේෂඥයෙක් වන අතර ලොව පුරා රටවල් ගණනාවක උරගයින්ගේ හැසිරීම් පිළිබඳව පර්යේෂණ කරමින් සිටියි. විද්‍යා සන්නිවේදකයෙකුද වන ආචාර්ය සෝමවීර ලෝකයේ ප්‍රමුඛම විද්‍යා නාලිකාවක් වන National Geographic නාලිකාවේ Snakes නමින් වැඩසටහනක්ද, Zootopica නමින් සතුන් පිලිබඳ සහ ලංකාවේ ගැමි ජන ජීවිතය සමග බැඳී ඇති මිථ්‍යා කතා වල සිටින සතුන්ගේ ඇත්ත නැත්ත පිලිබඳ කතා බහ කෙරෙන YouTube නාලිකාවක්ද ඉදිරිපත් කරයි. තවද ඔහුගේ ක්ෂේත්‍ර චාරිකා වලට සම්බන්ධ වී සාමාන්‍ය පුද්ගලයින්ට විවිධ රට වලට සංචාරය කිරීමේ අවස්ථාව ලබාගත හැකි සංචාරක ආයතනයක්ද ඔහු අරඹා ඇත. Today we talk with Dr. Ruchira Somaweera who is an evolutionary biologist at CSIRO in Australia. He is a herpetologist specialized in crocodiles and sea snakes. He is the host of the @National Geographic series "Snakes" and contributes to many TV programs. His youtube channel @Zootopica discusses reptiles and also sheds light on myths and misconceptions about animals in Sri Lankan society. He also manages a nature expedition company "Aaranya" that enables people to join his field works carried out in many countries. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E24: Industrial research in Sri Lanka: A discussion with the head of John Keells Research

Play Episode Listen Later Nov 18, 2020 41:42


John Keells ආයතනයේ පර්යේෂණ අංශයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය මුදිත සෙනරත් යාපා සමග කෙරෙන සංවාදය. ඔහු පේරාදෙණිය සරසවියෙන් රසායන විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක්ද ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියද ලබාගෙන ඇත. ඔහු 2012 වසරේ දී ජෝන් කීල්ස් ආයතනයේ පර්යේෂණ අංශයේ ආරම්භක පර්යේෂකයෙකු ලෙස සම්බන්ධ වී දැනට ලංකාවේ කර්මාන්ත අංශයේ ආයතන වල විද්‍යාත්මක බුද්ධිමය දේපළ නිර්මාණය කරමින් සහ ඒවා වෙළඳපලට යොමු කල හැකි නිෂ්පාදිත ලෙස ප්‍රවර්ධනය කරමින් ඒ මගින් අදායම් ඉපයීමේ ක්‍රම නිර්මාණය කිරීමෙහි යෙදී සිටියි. John Keells ආයතනයේ පර්යේෂණ අංශය පිලිබඳ වැඩි විස්තර පහත සබැඳියෙන් හා විද්‍යුත් ලිපිනයෙන් - jkresearch@keells.com https://keells.com/research-innovation --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E23: How can a physicist treat patients? - Interview with a medical physicist Dr. Maduka Kaluarachchi

Play Episode Listen Later Nov 6, 2020 30:08


වෛද්‍ය භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන සහ විකිරණ භෞතික විද්‍යාව හා මාත්‍රාමිතිය ඇසුරෙන් පිළිකා රෝගීන් හට ප්‍රතිකාර නිර්දේශ කිරීමෙහි යෙදී සිටින ආචාර්ය මධුක කළුආරච්චි සමග සංවාදය. ඔහු වර්ජිනියා සරසවියෙන් භෞතික විද්‍යාව පිලිබඳ PhD උපාධිය ලබාගෙන Harvard University හා St. Jude Children's Research Hospital යන ආයතන වල පුහුණුව ලැබ දැනට Rhode Island රෝහලේ medical physics resident කෙනෙක් ලෙස සේවය කරයි. Today we talk with a medical physics resident Dr. Maduka Kaluarachchi at Brown University, Rhode Island Hospital, USA. He is involved in treating cancer patients utilizing radiation physics and dosimetry. He got his PhD in physics from the University of Virginia. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E22: Current innovations in nanotechnology: discussion with a pioneering Sri Lankan chemist Prof. Nilwala Kottegoda

Play Episode Listen Later Oct 29, 2020 35:07


නැනෝ තාක්ෂණය, උසස් තාක්ෂණය (advance technology), හා ස්වභාවික සම්පත් වලට අගය එකතු කිරීම පිලිබඳ පර්යේෂණ කරන සහ ඒ අංශ වල කාර්මික නව නිපැයුම් වෙළඳපොළට හඳුන්වා දීමට කැපවී සිටින ලංකාවේ ප්‍රමුඛ පෙළේ රසායණ විද්‍යාඥයෙකු වන මහාචාර්ය නිල්වලා කොට්ටෙගොඩ සමග සංවාදය. ඇය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධානි තනතුර දරන අතර විද්‍යාව සම්බන්ධ ජනාධිපති උපදේශක ලෙසද ජාතික මුලික විද්‍යා අධ්‍යයන ආයතනයේ පාලක මණ්ඩලයේ සාමාජිකාවක්ද ලෙසද කටයුතු කරමින් සිටියි. Today we talk with a prominent Sri Lankan Chemist Prof. Nilwala Kottegoda, who is the current science advisor to the president of Sri Lanka. Also, she is the head of the department of chemistry at the University of Sri Jayewardenapura and is a member of the board of directors of the National Institute of Fundamental Studies. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E21: Sri Lankan who made a breakthrough discovery in physics: a discussion with Dr. Ranga Dias

Play Episode Listen Later Oct 21, 2020 27:04


කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකයක් සොයාගෙන නේචර් ජර්නලයේ කවරයේ පුවත ලෙස එය පළකළ ආචාර්ය රංග ඩයස් සමග කෙරෙන සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ රොචෙස්ටර් සරසවියේ මහාචාර්ය වරයෙක් ලෙස කටයුතු කරන අතර ලෝහමය හයිඩ්රිජන් සහ සුපිරි සන්නායක පිලිබඳ පර්යේෂණ වල නිරත වී සිටියි. Here we interview Dr. Ranga Dias, an assistant professor at the University of Rochester, who discovered the first-ever room-temperature superconductor - Carbonaceous Sulfer Hydrite. His discovery featured on the cover of the world-renowned journal Nature. Currently, he is doing research on superconductivity, metallic hydrogen, and extreme-condensed matter physics. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E20: What are passive smart textiles: Discussion with a next-gen clothing researcher.

Play Episode Listen Later Oct 15, 2020 21:40


එක්සත් රාජධානියේ Birmingham City විශ්වවිද්‍යාලයේ Smart Passive Textile පිළිබඳව පර්යේෂණ කරන ආචාර්ය දිලුෂ රාජපක්ෂ සමග සංවාදය. In this episode, we talk to Dr. Dilusha Rajapaksha, a lecturer and a researcher from Birmingham City University, who does research on smart passive textiles. This is a fascinating research field that investigates textile and fabrics that changes the appearance depending on external stimuli such as temperature, light, humidity, etc. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E19: A medical doctor who became a nutrition researcher: Discussion with a researcher with a broad range of expertise in healthcare field

Play Episode Listen Later Sep 24, 2020 27:04


ලංකාවේ වෛද්‍යවරියක් ලෙස සේවය ආරම්භ කර පසුව පෝෂණ විද්‍යාව සම්බන්ධව ජාත්‍යන්තර තලයේ පර්යේෂිකාවක් බවට පත්වූ ආචාර්ය නදීජා විජයතුංග සමග කෙරෙන සංවාදය. ඇය පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා පසුව ජ'පුර සරසවියෙන් MPhil උපාධියක්ද ඇමෙරිකාවේ Texas Tech විශ්වවිද්‍යාලයෙන් PhD උපාධියද ලබාගෙන ඇත. ඇය දැනට ඇමෙරිකාවේ Mississippi විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරියක් ලෙස සේවය කරයි. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E18: A Sri Lankan pioneer: Discussion with the scientist who invented the field of molecular logic-based computation

Play Episode Listen Later Sep 10, 2020 37:37


රසායණික අණු වලින් නිර්මිත තාර්කික ද්වාර (molecular logic gates) වල මූලික සිද්ධාන්ත, වෛද්‍ය හා අනුක ජීව විද්‍යාවේදී වැදගත් වන OPTI රුධිර ඉලෙක්ට්‍රෝලයිට හා වායු විශ්ලේෂකය හා ප්‍රතිදීප්ත PET සෙන්සරය ලොවට හඳුන්වා දීමේදී පුරොගාමී වූ මහාචාර්ය ඒ පී ද සිල්වා සමග කරන සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E17: How can physics and chemistry work together: A discussion with a physicist who develops chemical engineering techniques.

Play Episode Listen Later Aug 27, 2020 23:11


ස්වභාවික වායු ගබඩා කිරීමේ තාක්ෂණය පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය දිනුක ගල්ලබ සමග සංවාදය. මේ ක්ෂේත්‍රය භෞතික විද්‍යාව, රසායණික ඉංජිනේරු විද්‍යාව, හා ද්‍රව්‍ය විද්‍යාව (material science) යන විෂය පථ වල සංකලනයකි. ආචාර්ය දිනුක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන අමෙරිකාවේ Southern Illinois විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පුර්ණ කර ඇත. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E16: Exciting world of cancer research: A discussion with a cancer biologist

Play Episode Listen Later Aug 21, 2020 20:40


පිළිකා ජිවවිද්‍යාව පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය වසුන්දරා ප්‍රනාන්දු සමග සංවාදය. ඇය කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයේ postdoctoral researcher කෙනෙක් ලෙස දැනට කටයුතු කරයි. තවද ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඖෂධවේදී (pharmacy) විශේෂ උපාධියක් ලබාගෙන කැනඩාවේ Dalhousie විශ්වවිද්‍යාලයෙන් MSc සහ PhD උපාධි සම්පුර්ණ කර ඇත. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E15: Career opportunities at INTEL: A discussion with a physicist who became an engineer at INTEL corporation

Play Episode Listen Later Aug 13, 2020 24:53


ලෝකයේ මයික්‍රෝ චිප නිපදවන ප්‍රධානතම ආයතනය වන ඉන්ටෙල් ආයතනයේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන ආචාර්ය පුබුදු ගුණතිලක සමග සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E14: “How I end up with 2 PhD and 4MSc degrees in math”: A discussion with the Sri Lankan with the most number of postgraduate degrees.

Play Episode Listen Later Jul 30, 2020 56:19


ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම උපාධි සංඛ්‍යාවක් (PhD 2ක්, MSc 3ක්, MBA 1ක්, සහ BSc 1ක්) හිමිකරගෙන ඇති විද්වතා වන ආචාර්ය සඳුන් පෙරේරා සමග සංවාදය. ඔහු දැනට ඇමෙරිකාවේ නෙවාඩා විශ්ව විද්‍යාලයේ කළමනාකරණ විද්‍යා මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කරන අතර ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිලිබඳවද ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවියෙන් මූල්‍යමය ගණිතය (Financial Math) පිළිබඳවද ආචාර්ය උපාධි ලබාගෙන ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ විශේෂ උපාධිලාභියෙක් වන අතර කොළඹ නාලන්දා විදුහලේ ආදී ශිෂ්‍යයෙක්ද වේ --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E13: Who are accelerator physicists? - Discussion with Dr. Subashini De Silva at Thomas Jefferson National Accelerator Facility, USA

Play Episode Listen Later Jul 26, 2020 19:15


ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන් ජාතික විද්‍යාගාරයේ (Jefferson National Lab) අංශු ත්වරක භෞතික විද්‍යාඥයෙකු (accelerator physicist) ලෙස සේවය කරන ආචාර්ය සුභාශිනී ද සිල්වා සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දොළොස්වන වැඩසටහනයි. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E12: An astrophysicist who became an entrepreneur in data science: a discussion with Dr. Tilan Ukwatta.

Play Episode Listen Later Jul 9, 2020 47:10


ඇමරිකාවේ නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී සිටිමින් ගැමා කිරණ පිපිරුම් පිලිබඳ පර්යේෂණ කරන එමෙන්ම දත්ත විශ්ලේෂණ විද්‍යාඥයෙකු ලෙස තමන්ගේම සමාගම් තුනක් පිහිටුවා ඇති ආචාර්ය තිලාන් උක්වත්ත සමග කෙරෙන සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන එකොළොස්වන වැඩසටහනයි. --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E11: Story of a Biochemist - Discussion with a biotechnology and pharmaceutical consultant Dr. Sumedha Jayasena

Play Episode Listen Later Jul 2, 2020 72:01


ඇමරිකාවේ කැලිෆෝනියාහි Biotechnology සහ Pharmaceutical උපදේශන ආයතනයක් වන Pixel Place Consulting ආයතනයේ සභාපති, ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය සුමේධ ජයසේන සමග සංවාදය. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E10: The coming era of printed electronics: A discussion with Dr. Oshadha Ranasingha

Play Episode Listen Later Jun 25, 2020 38:48


ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ලොවෙල් විශ්වවිද්‍යාලයේ Printed Electronics පිළිබඳව පර්යේෂණ මහාචාර්ය ධුරයක් දරන ආචාර්ය ඕෂධ රණසිංහ සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දහවන podcast වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E09: An astrophysicist who became a Data Scientist: A discussion with Dr. Udara Abeysekara

Play Episode Listen Later Jun 18, 2020 62:15


ඇමරිකාවේ Utah විශ්වවිද්‍යාලයේ අධිශක්ති තාරකා භෞතිකවිද්‍යාව පිලිබඳ පර්යේෂණ මහාචාර්ය, එමෙන්ම අමෙරිකාව් රණවිරු කටයුතු දෙපාර්තමේන්තුවේ (US Department of Vearan Affairs) ජ්‍යෙෂ්ට දත්ත විශ්ලේෂණ විද්‍යාඥ ආචාර්ය උදාර අබේසේකර සමග සංවාදය. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E08: Listening to gravity: A discussion with a gravitational wave researcher Dr. Nipuni Palliyaguru

Play Episode Listen Later Jun 10, 2020 13:51


ඇමරිකා එක්සත් ජනපදයේ Texas Tech University හි පර්යේෂණ කරන තාරකාභෞතික විද්‍යාඥවරියක් වන ආචාර්ය නිපුනි පල්ලියගුරු සමග සංවාදය.මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හත්වන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E07: The exciting world of geophysics: A conversation with Pasan Herath, a geophysicist at the Victoria University, NZ

Play Episode Listen Later Jun 3, 2020 27:17


නවසීලන්තයේ වෙලින්ටන්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ භූ භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් හදාරන පේරාදෙණිය සරසවියේ භූ විද්‍යාව පිළිබඳ උපාධිධාරී පසන් හේරත් සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන හයවන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E06: CERN's particle physicist who became a networking engineer at Amazon: A discussion with Dr. Waruna Fernando

Play Episode Listen Later May 28, 2020 56:27


CERN හි උප පරමාණුක අංශු විද්‍යාඥයෙක් ලෙස පර්යේෂණ කර පසුව Amazon ආයතනයේ ඉංජිනේරුවෙකු බවට පත්වූ ආචාර්ය වරුණ ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන පස්වන වැඩසටහනයි. www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E05: A Discussion with a Comet Hunter - Dr. Nalin Samarasinghe

Play Episode Listen Later May 22, 2020 36:18


ග්‍රහකයන් දෙකකට ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකක නම් යොදා තමා නමින්ද ග්‍රාහකයක් නම් කර, ඇමෙරිකාවේ ඇරිසෝනාහි ග්‍රහවස්තු පිලිබඳ විද්‍යායතනයේ ජ්‍යෙෂ්ට විද්‍යාඥ, ධුමකේතු හා සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහවස්තු පිලිබඳ විශේෂඥ, ආදී නාලන්දීය ආචාර්ය නලින් සමරසිංහ සමග සංවාදය. මේ AstroTalks සජීවී සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන සිව්වන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E04: A Discussion with a Mathematician: the story of Dr. Kasun Fernando

Play Episode Listen Later May 14, 2020 33:13


කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ගතිකමය පද්ධති වල සංඛ්‍යානමය ගුණ (statistical properties of dynamical systems) පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය කසුන් ප්‍රනාන්දු සමග සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන තෙවන වැඩසටහනයි. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E03: විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to become a Scientist? #2

Play Episode Listen Later May 7, 2020 33:19


මෙම පරිච්ඡයේදී, ඇමරිකා එක්සත් ජනපදයේ Varian Medical Systems ආයතනයේ සේවය කර න ආචාර්ය ලසිත සේනාධීර මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ Rochester විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ශක අශාන් ආරියවංශ සොයුරා සමග විද්‍යාඥයෙක් වෙන්නේ කොහොමද යන්න පිලිබඳව සාකච්ඡා කෙරේ. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E02: Space Weather - අභ්‍යවකාශ කාලගුණය

Play Episode Listen Later May 1, 2020 35:26


මෙහිදී අප, -අභ්‍යවකාශ කාලගුණය යනු කුමක්ද? -අපට අභ්‍යවකාශ කාලගුණය පිළිබඳව අධ්‍යනය කිරීම අත්‍යවශ්‍යද? -සූර්යයා පෘථිවියේ සන්නිවේදන කටයුතු වලට බාධා කරනවාද? - සූර්ය කුණාටු යනු මොනවාද? යන කරුණු පිළිබදව සාකච්ඡා කෙරේ. In this episode we talk about -What is space weather? -Why do we need to study about space weather? -Does the Sun interrupt the earth's communication? -What are solar storms and Solar Flares? With, Ashan Vitharana, PhD Candidate, Department of Physics & Astronomy, University of Louisville, USA and Dinith Minura, Research Associate, School of Computer Science and Engineering, Nanyang Technological University, Singapore. Facebook: www.facebook.com/ncastronomy © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Astro Talks S01E01: How to become a SCIENTIST?

Play Episode Listen Later Apr 28, 2020 28:53


This is the first episode of Astro Talks Podcast! In this episode we talk about the pathway to become a scientist with, Buddhika Sumanasekara, PhD - Director of Electrical Engineering, US Medical Innovations, LLC, United States of America and Ashan Ariyawansa, PhD Candidate, Institute of optics, University of Rochester, United States of America. © www.ncastronomy.com --- Send in a voice message: https://anchor.fm/ncastronomy/message

Claim Astro Talks

In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

Claim Cancel