Online Safety and Cyber Matters in Sinhala from a Cyber Security Professional in Australia
SBS link: එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/be-aware-of-this-to-stay-scam-safe-this-festive-season/j77h0z7mb වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා. මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බැලීමකට (age verification trial) නමුත් මේක කොච්චර සාරථක වෙයිද කියන්න බෑ ඒ එක්ක එන පුද්ගලිකත්වය වැනි වෙනත් අභියෝග නිසා. මේ වැඩේට හරි යන්නෙම අපි දරුවන් අතර වෙන අවබෝධාත්මක එකඟතාවයක් - (පට්ට අමාරු වැඩක් - අත්දැකීමෙන් කියන්නෙ). ඔය ගැන කතා කරන්න, ඇමතුමක් ලැබුනා SBS සිංහල ගුවන් විදුලියෙන්. අද ලෝක ළමා දිනය සහ අද තමා ආරම්භ වන්නෙ. අද දින විකාශය වූ මේ වැඩසටහන ඔබටත් කැමති නම් අහන්න පුලුවන් මේ ලින්ක් එක හරහා. මේ සඳහා ආරාධනා කල SBS Sinhala සේවයේ නිපුන සොයුරාට මගේ විශේෂ ස්තූතිය. Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-what-parents-need-to-know-to-protect-children-from-facebook-and-instagram-risks/70af1wubq
ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-how-to-avoid-new-scam-trend-in-australia-that-steal-money-from-the-same-people-who-have-been-scammed-before/wmauylfoq
අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න. මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts
SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r
Broadcast on 3ZZZ Community Radio on 9th October 2022. Duration: 7 minutes Transcript available at my blog: https://cyberwiparama.blogspot.com/
'Hi Mum': Scammers targeting parents by pretending to be children who need help. Broadcast on SBS Radio on 8th September 2022 Medium: Sinhala Article: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-not-to-get-caught-in-the-hi-mum-scam-in-australia-these-days/8acit8abu?fbclid=IwAR0uLP11MGNHo-7OWP-8YLlJEBkYHVOYTXw47sWH0eIONRpPHgR8MF9FajE
මේ දවස්වල ලංකාවේ පවතින උද්ඝෝශනය ගෝල්ෆේස් හි, හෝ වෙනත් වීදිවල ජන ඒකරාශි වීමක් pamank කියලා කෙනෙකුට පෙනුනත්, ඇත්තටම එය සක්‍රියව ක්‍රියාත්මක වෙන්නෙ සයිබර් අවකාශෙ කියලා කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. ඒකට හේතුව මේ අරගලයේ නියුතුව ඉන්න පිරිසෙන් ඉතා වැඩි පිරිසකට ස්මාට් දුරකථන සහ සමාජ ජාලා භාවිතය ගැනත්, ඒ හරහා කල හැකි බලපෑම් ගැන තියෙන සබුද්ධික බව. ඒ නිසාම දෝ පසුගිය සති කිහිපය පුරාවට අපේ සමාජ ජාලා පිටු පිරී ගියේ ලංකාවේ දේශපාලනික තත්ත්වය ගැන පල වෙන පෝස්ටු සහ කමෙන්ට්වලින්. ඔය අතරෙ නිතර ඇහුන සහ දැක්ක සංකල්පයක් තමා හෑශ්ටැග් කියන්නෙ. එය ලාංකික බොහෝ දෙනාට අලුත් අත්දැකීමක් වුන නිසාද කොහෙද, එහි ක්‍රියාකාරිත්වය ගැන වැටහීමකින් තොරව, උන්මාදයකින් මෙන් ඒවා භාවිතා කරනවා අපි දුටුවා; තාමත් දකිනවා. ඒ නිසා අද සයිබර් සටහනෙන් අපි කතා කරමු හෑශ්ටැග් හරි විදියට භාවිතා කරන හැටි කෙටියෙන්. මොකක්ද මේ හෑශ්ටැග් කියන්නෙ? කීබෝඩ් එකේ හෑශ් එහෙම නැත්නම් පවුන්ඩ් කියන සංකේතය ලියලා ඒකත් එක්ක වචනයක් හෝ එක දිගට ලියන වාක්ය කොටස, clickable ටැග් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නෙ ඒ වචනය හෝ වාක්ය කොටස click කලොත් එම හෑශ්ටැග් එකම තියෙන, ඒ සමාජජාලය තුල තියෙන ඕනෙම පෝස්ටුවක් එක්ක එය ගොනු ගත වෙනවා. ඒ කියන්නෙ ඔබ හෑශ්ටැග් එකක් එක්ක යමක් පල කලහොත් ඔබේ සටහන වැඩි පිරිසකට සොයා ගැනීම පහසු වෙනවා. උදාහරණයක් විදියට, ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන විදේශිකයෙක්, #VisitSriLanka හෝ #SriLankaTravel වගේ ටැග් එකක් සර්ච් කලොත්, ලංකාවේ සංචාරකයන්ට අදාල රූප, පුවත්, වීඩියෝ ආදිය ඔක්කොම එක තැනකට ඇවිත් පෙන්වනවා. සරල උපමාවකින් කිව්වොත් හෑශ්ටැග් එකක් කියන්නෙ ඩිජිටල් නූලකින් සයිබර් අවකාශෙ ඒ ටැග් එක තියෙන සියලුම පෝස්ට්, රූප ආදිය එකට ගැට ගහනවා වගේ වැඩක්. මෙයට කියන්නෙ content categorization කියලා. එහෙම එක හෑශ්ටැග් එකකට අදාල සියලුම දේ එකම තැනකට ගොනු වුනාම ඒකට කියනවා Hashtag feed එකක් කියලා. මේ නිසා හෑශ්ටැග් කියන සංකල්පෙ, එහි වැඩි පිරිසකට ලඟා වීමට තියෙන ශක්යතාවය නිසා digital marketing වල ඉතා ජනප්‍රිය අංගයක්. මෙය වැඩිපුරම භාවිතා වෙන්නෙ ට්විටර් සමාජ ජාලෙ. ඇත්තෙන්ම හෑශ්ටැග් කියන තාක්ශණයෙ උපත සිදුවෙන්නෙත් ට්විටර් වල. පසුව එය අනෙක් සමාජ ජාලා වලට පැතිරුනා.පර්යේශන වලින් හොයා ගෙන තියෙනවා, හරියට හෑශ්ටැග් භාවිතා කලොත්, ඉන්ස්ටග්‍රම් සමාජමාද්යයේ පෝස්ටුවක්, හෑශ්ටැග් නැති පෝස්ටුවකට වඩා 12% අමතර ක්‍රියාකාරිත්වයක් ලබනවා කියලා.. ඒ අතර ඉතා විශාල පිරිසක් ඒ හෑශ්ටැග් එකම භාවිතා කලොත්, එය බොහෝ දෙනෙක් දකින trending hashtag එකක් බවට පත් වෙනවා. ඒ නිසා පුලුවන් හැමෝම, හැම තැනකම තමන්ගෙ හෑශ්ටැග් එක අලවා ගෙන ගියා නම් එය විශාල පිරිසක් අතරට යවන්න පුලුවන් කියලා මේ ගැන සක්‍රිය බොහෝ දෙනා සිතා සිටින බවක් පේනවා. නමුත් සත්යය් එය නොවේ. හෑශ්ටැග් කියන දේ හරි අවබෝධයෙන් තමා පාවිච්චි කරන්න ඕනෙ. එකම හෑශ්ටැග් එක හැම තැනම කමෙන්ට් විදියට copy paste කරන අය ඔබ දැක ඇති. සමහර අය එකම හෑශ්ටැග් එක විස්ස, තිහ එකම පෝස්ට් එකේ ඇතුලත් කරලා අනෙක් අයටත් එය අලුත් පෝස්ට් විදියට copy/paste කොට එය ප්‍රචාරය කරන්න ඉල්ලා සිටිනවා. සමාජ මාධ්ය වල මේ වගේ ක්‍රියාකාරකම් හඳුනා ගන්නේ spamming විදියට. එවිට ඒවායේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විසින් මේ වගේ පෝස්ටුවල reach එක අඩු කරනවා. තව දුරටත් මේ වැඩේ වෙනව නම් ඒ ගිනුම් බ්ලොක් කිරීමකට පවා ලක් වෙන්න පුලුවන්. Instagram සමාජ ජාලයේ මෙලෙසින් හෑශ්ටැග් අවභාවිතා කරන අයව shadowban නම් සීමා කිරීමකට ලක් කරනවා. එතනදි වෙන්නෙ ඒ දඬුවමට ලක් වුනු අයගේ පෝස්ට් පේන්නෙ එයාලගෙ followersලට විතරයි. ඉතින් කොච්චර හෑශ්ටැග් එකතු කරත් ඒකෙන් කිසි වැඩක් වෙන්නෙ නැහැ. අනෙක් සමාජ ජාලවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය එනම් ඇල්ගොරිතම් සියල්ල වැඩ කරන්නෙ මීට සමාන ආකාරයකින්. තව වැදගත් කාරනයක් තමා කමෙන්ට්වල හෑශ්ටැග් එකතු කරන්න පුලුවන් වුනාට එය මම අර මුලින් කිව්ව feed එකට ඒවා එකතු වෙන්නෙ නැහැ. ඉතින් එය පලක් නොවෙන වැඩක්. ඒ නිසා හැම කමෙන්ට් එකේම ඉවක් බවක් නැතිව හෑශ්ටැග් එකතු කරන ඔබේ මිතුරාට එහි නිශ්පල බවත්, එය නිතර කිරීමෙන් තමන්ගෙ ගිනුමට හානි විය හැකි බවත් පැහැදිලි කර දෙන්න. එසේ නම් කොහොමද නිවැරදිව හෑශ්ටැග් භාවිතා කරන්නෙ? පර්‍යේශන වලින් හොයා ගෙන තියෙනවා වඩාත්ම ප්‍රතිපලදායක උපරිමව හෑශ්ටැග් දෙකක් හෝ තුනක් එකතු කිරීම. ඊට වඩා යාමෙන් reach එක අඩුවෙනවා. එලෙස එකතු කරන හෑශ්ටැග් තියෙන පෝස්ටුව public විදියට privacy setting එක තබන්න ඕනෙ. එය මිතුරන්ට පමනක් පේන විදියට නම් දාන්නෙ, ඔබ එකතු කරන hashtag සහිත පෝස්ටුව hashtag feed එකට යන්නෙ නෑ. අනික් වැදගත් කාරනේ, උමතුවෙන් වගේ හැමෝම එකතු කරන නිසා හෑශ්ටැග් එක විතරක් එකතු කරලා වැඩක් නැහැ. නිර්මාණශීලි දෙයක්, එයට අදාල රූපයක්, වීඩියෝවක් එක්ක එය එකතු කරන්න. එහෙම නොවුනොත් මා අර මුලින් සඳහන් කල ෆීඩ් එකේ වටින පෝස්ට් පහලට ගොස් අර්ථ විරහිත, හරසුන් පෝස්ට් උඩට එනවා. මේ ඉතා කෙටියෙන් වැදගත් කාරනා කිහිපයක් පමනයි සඳහන් කලේ. මේ ගැන අන්තර්ජාලයෙන් තව කරුනු අද්‍යයනය කරන්නත් මම යෝජනා කරනවා. ඒ නිසා ඔබට පැහැදිලි ඇති මේ ගැන දැනුවත්ව මේ තාක්ශනයන් භාවිතා නොකලහොත්, අපිට වෙන්නෙ #ෆේල් වෙන්න.
Published on 3ZZZ Radio on 26th Dec 2021 Duration: 5 mins මම අද ෆේස්බුක් වල දැකපු පෝස්ට් එකක් ගැණ කතා කරන්න හිතුවා. එක්තරා ෆේස්බුක් පේජ් එකක් විසින් අගෝස්තු 30 වෙනිදා අහපු සරල, අහින්සක ප්‍රශ්නයක් සමාජ ජාලාව හරහා තවම ංසරනය වෙනවා එයට බොහෝ දෙන ාප්‍රතිචාර දක්වන නිසා. ඉන් අසා තිබුනෙ ' What was the first car you owned?' - ඇත්ත, ඉතා අහිංසක, සරල ප්‍රශ්නයක්. විශ්වාස කරන්න, මේ පෝස්ට් එකට විතරක් මේ වෙනකොට කමෙන්ට්ස් විදියට ප්‍රතිචාර මිලියන 1.3ක් ලැබිලා තියෙනවා. මේ මාස තුන, හතරට මෙය 12000වතාවක් ශෙයා වෙලා තියෙනවා, එතකොට ඒ හැම ශෙයාර් එකටම තව මේ වගේ වෙන වෙන කමෙන්ට්ස් වැටෙනවා. මෙහි කමෙන්ට් කරපු අය කෙතරම් උනන්දුවෙන් මේ ප්‍රශ්නෙට පිලිතුරු දුන්නාද කියනවා නම්, පිලිතුරට අමතරව තමන්ගේ මුල් වාහනේ පින්තූරත්, ඒ කාලෙ තමන් ගැන විස්තරත් ලියලා තිබ්බා. මේ පෝස්ට් public කියන privacy setting එක හරහා දාලා තියෙන නිසා අන්තර්ජාලෙ ඉන්න ඕනම කෙනෙකුට මේ කමෙන්ට්ස් කියවන්න පුලුවන්. දැන් මේ වගේ සිද්දි දිනපතා සමාජ ජාලා වල දකින ඔබට ගැටලුවක් එනවා ඇති, මොකක්ද මෙහි ඇති ගැටලුව කියලා. එයට පිලිතුරක් දෙන්න කලින් අපි බලමු ඇයි අපි මේ වගේ දේවල් වලට ප්‍රතිචාර දෙන්න නැබුරු වෙන්නෙ කියලා. මිනිසා කියන්න සමාජශීලි සත්ත්වයෙක්නෙ. අපි හැමෝම ආසයි අපේ හිතවත් අය එක්ක අපි ගැන, පවුල් ගැන විස්තර බෙදා ගන්න. විශේෂයෙන්ම අපේ අතීතය ගැන සුන්දර මතකයක් ආපු සැනින් ඒ අතීතකාමය තුල නිමග්න වෙන්නෙ බොහොම සතුටෙන්. සමාජ ජාලා විසින් මේ ආම්න්ත්‍රනය කරන්නෙ අප තුල නිසඟයෙන් තියෙන මේ ආශාවට. මිනිසුන් එකිනෙකා මේ විදියට ජාල ගත වෙද්දි, සමාජ ජාලාවලට පුලුවන් ඔවුන්ට අදාල වෙලඳ දැන්වීම් තිරය මතට ගෙනැල්ල ආදායමක් ලබන්න. එය රහසක් නොවේ. සමාජජාලා භාවිතා කරන්නන් හොඳටම දන්නවා තමන්ට නොමිලේ මේ සේවාව ලැබුනා වගේ පෙනුනට, තිරය පිටුපස අපේ පුද්ගලික දත්ත ල්බා දීම් නිසා අපට මිල කල නොහැකි මිලක් ගෙවන්න වෙන වග. සමාජ ජාලා මේ විදියට ලාභ ලබන අතරෙ, සයිබර් අප්රාධකරුවනුත් සමාජ ජාලා වල සැරිසරනවා ඔබ ගැන ගන්න පුලුවන් තරම් විස්තර හොයා ගන්න. ඒක එයාල කරන්නෙ බොහොම සූක්ශ්ම විදියට. ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වෙන ඔත්තුකාරයන් ඉන්න හමුදාවක් මේ සඳහා යොදා ගන්නවා. ඒකට කියන්නෙ data-harvesting bots කියලා. මේ හරහා ඔවුන්ට පුලුවන් මිනිසුන් සම්බන්ධ විස්තර එකතු කරලා, සන්වේදී පුද්ගලික විස්තර ඇතුලත් individual profiles හදන්න. මේ විස්තර ඔවුන්ට පුලුවන් වෙනත් සයිබර් අපරාධකරුවන් හෝ පුද්ගලික විස්තර වෙලඳ ප්‍රචාරනය වෙනුවෙන් අවශ්‍ය අය වෙත විකුනන්න. ඒවා සයිබර් අප්‍රාධකරුවන් අතට ගියහම ඔබ දන්නවා අනණ්‍යතා සොරකම් ( identity theft) සඳහා මේ විස්තර ඔවුන්ට නිධානයක්. සමහර පාස්වර්ඩ් වෙනස් කරන්න, ඔබ විතරක් පිලිතුරු දන්න ප්‍රශ්න ඔබ ඇතුලත් කරලා තියෙනවා, First pet, first car, mother's maiden name, birth city ආදිය. මේවාට කියන්නෙ Security Questions - දැන් මේවායෙ පිලිතුරු දන්න ඔබ විතරක් කියා ඔබ සිතුවාට, මේ විදියට කමෙන්ට් කරද්දි ඔබ නොදැනුවත්වම මේවායෙ පිලිතුරු සයිබර් හොරුන් අතට පත්වෙනවා. මම හිතන්නෙ දැන් අඔබට පැහැදිලි ඇති, මතුපිටින් අහින්සක වගේ පෙනෙන එවැනි ප්‍රශ්නෙකට පිලිතුරු සපයධ්ඩි ඒ එක්කම එන අවදානම.. සමහර සමාජ ජාලා ඇප් වලින් කරන්නෙත් මේ වැඩේ. අපි මීට කලින් කතා කරලා තියෙන, ෆේස්බුක් සමාගම අතිශය අපකීර්තියට පත්වුන, ෆේස්බුක් පරිශීලකයින් මිලියන් 87ක දත්ත, දේශපාලනික උවමනාවක් වෙනුවෙන් අවභාවිතාවට ලක්වුනු කුප්‍රකට Cambridge Analytica සිද්දියටත් පාදක වුනේ This is your digital life කියන facebook app එක. එසේ නම් අපි කොහොමද මේ වගේ අවදානමකින් ගැලවෙන්නෙ සමාජ ජාල භාවිතා කරන ගමන්. මූලිකවම අපි හිතන්න ඕනෙ අපේ සංවේදී පුද්ගලික ව්ස්තර සමාජ ජාලාවල පල කරනවාද කියලා. ඔබේ උපන්දිනය, උපන් නගරය, පලමු සුරතලා, අම්මාගෙ මුල් නම ආදිය අනික් අය දැන ගන්න ඕනෙමද? ඔබට හිතෙන්න පුලුවන් උපන්දිනය ආදිය දැන ගැනීම හරහා මිතුරන්ගේ සුබ පැතුම් ආදිය ලැබීම සතුටට කාරනයක් නිසා එය වැදගත් බව. එසේ නම් කරන්න තියෙන්නෙ ඔබේ විස්තර මිතුරන්ට විතරක් පෙනෙන ලෙස Privacy Settings, 'Friends Only' ලෙස වෙනස් කිරීම. එය ඉතාම පහසුයි කරන්න. නමුත් එහෙම කරත් වැඩක් නෑ, ඔබ ඔබට එන Friends requests සොයා බලන්නෙ නැතුව භාරගන්නව නම්. අනික් වැද්ගත් කාරනය තමා විවිධ විනෝද්ජනක ඇප් වලට විස්තර එකතු කරන එකෙන් වැලකී සිටින එක.. මේ සරල කාරනා හරහා ඔබට යම් කිසි ආරක්ශනයක් ලබා ගත හැකියි. ඒ කොහොම වුනත්, සමාජ ජාලා භාවිතා කරනවා නම් ඉතින් අපි ඒ සම්බන්ධ තේරුම් ගත යුතු ඇත්තක් තියෙනවා නිරතුරු සිහියෙ තබා ගත යුතු., ඒ තමයි.. If you don't pay for the product, you are the product
මීට සති කිහිපයකට කලින් දෙරණ ටීවී යුටියුබ් නාලිකාව හැක්වීමකට ලක්වුනා. එය පසු දින වෙද්දි ඔවුන්ට තම සන්තකයට ගන්න හැකියාව ලැබුනත්, මිලියන තුන ඉක්මවූ subscriber පදනමක් ඇති, වානිජමය වශයෙන් අති සාර්ථක වූ, ලංකාවේ ප්‍රදාන පෙලේ මාධ්‍ය ආයතනයක ඩිජිටල් නාලිකාවකට අත් වූ මේ ඉරනම සමාජ ජාලාවල දැඩි ලෙස කතාබහට ලක් වුනා. දෙරන නාලිකාව ඇත්තටම හැක් වුනාද? එහෙම නැත්නම්, සමහරුන් සඳහන් කල පරිදි මෙය ප්‍රසිද්ධිය වෙනුවෙන් කරපු දෙයක්ද? මේ සිදුවීම හරහා අපටත්, යුටියුබ් නාලිකා හිමිකරුවන්ටත් ඉගෙන ගන්න දෙයක් තිබෙනවද? සයිබර් සටහන අද ඉඩ වෙන් කරමු මේ ගැන කතා කරන්න. දෙරන නාලිකාව අගෝස්තු 29 දා එක්වරම Crypto News ලෙසින් නම වෙනස් වුනා. එහි දහස් ගණනින් තිබූ රූපවාහිනි වැඩසටහන් සියල්ල අතුරුදන් වුනා. දෙරණ පාලනාධිකාරය විසින් නාලිකාවේ ග්‍රහනය තමන්ගෙන් මිදී ඇති වගත්, එය නැවත ලබා ගැනීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කිරීමත් සමඟ දෙරණ නාලිකාව හැක් වු පුවත සමාජ ජාල හරහා ලැව් ගින්නක් වගේ පැතිරුනා. ඔය අතරෙ බොර දියේ මාලු බාන්නට වගේ, වෙනත් යුටියුබ් නාලිකා, දෙරන නැති හිඩස තුල තමන්ගෙ නාලිකාවෙ නම දෙරන ලෙස වෙනස් කොට subscriberලා බිලී බා ගැනීමක නිරතව සිටියා. ඔය අතර තවත් යුටියුබ් නාලිකා, හරි හමන් තොරතුරක් නැති අවකාශයේ, ප්‍රසිද්ධිය පතා තහවුරු නොවූ කාරනා විකාශය කරමින් තමන්ගේ නාලිකාවට අවධානයක් ලබා ගන්න උත්සාහ ගන්නවා පෙනුනා. පැය කිහිපයක් ඇතුලත හැක් වූ දෙරන නාලිකාවේ cryptocurrency සම්බන්ධව සජීවී ප්‍රචාරක වැඩසටහන් විකාශය වෙන්න ගත්තා. මින් දෙරණ නාලිකාවට සිදු වුනේ කුමක්ද යන්න ගැන යම් ඉඟියක් ලැබුනා. ඇයි මම එහෙම කියන්නෙ? මෙය ලංකාවේ නාලිකාවකට අලුත් දෙයක් වුනත්, එය හුදකලා සිදුවීමක් නොවේ. මේ සිදුවීමට දින කිහිපයකට කලින් ඉතා ජනප්‍රිය, මිලියන් 30 ඉක්මවා සබ්ක්‍රයිබර් ප්‍රජාවකට හිමිකම් කියන Hakeem Prime, Alok Official, JJK Entertainment නාලිකා මේ විදියටම ග්‍රහනයට හසු වී, නීති විරෝධී ක්‍රිප්ටොකරන්සි ජාවාරම් ප්‍රවර්ධනය කරන වීඩීයෝ ඒවා හරහා විකාශනය වී තිබුනා. මෙය අද ඊයේ පටන් ගත් දෙයක් නොවේ. පසු ගිය වසරේ සිට මේ ජාවාරම ප්‍රදාන යුටිටුබ් නාලිකා ඉලක්ක කරමින් ක්‍රියාත්මක වුනා. මෙවැනි cryptocurrency scam විකාශයන් හරහා සයිබර් අපරාධකරුවන් සාමාන්‍යයෙන් ඩොලර් 10,000 පමණ වරකට උපයන බව වාර්තා වුනා. යුටියුබ් පමනක් නොවේ, පසු ගිය වසරේ ඔවුන් ඉතා සූක්ශම ලෙස බිල් ගේට්ස්, ජෙෆ් බෙසොස්, ඉලෝන් මස්ක් යන අයගේ twitter ගිනුම් පවා හැක් කරේ මේ ක්‍රිප්ටොකරන්සි ජාවාරම වෙනුවෙන්. එනිසා ඔබට පැහැදිලි ඇති, දෙරණ හැක් වීම පසුපස සයිබර් අවකාශයේ පසුබිම් කතාව. ඔවුන් දෙරණ ග්‍රහනයට ගත්තේ කෙසේද? මේ ගැන දෙරන ඩිජිටල් ප්‍රධානී ජනිත් රොද්‍රිගු මහතා, මේ සිදුවීමේ පසු විපරමක් කරමින් සඳහන් කලේ, ඔවුන්ගේ ඩිජිටල් කන්ඩායමේ පුද්ගලයෙකුගේ පරිගණකයක තුබූ දුරස්ථ ප්‍රවේශ ම්ෘදුකාංගයක තිබූ අඩු පාඩුවක් මෙයට හේතු වූ වග. දෙරණ වගේ විශාල මාධ්‍ය ආයතනයකට මෙය වෙන්න පුලුවන්ද? ඔවුන්ගේ passwords සහ multi factor authentication ක්‍රියාත්මක නොවුනේ ඇයි? මේ ප්‍රශ්නවලට පිලිතුර මේ හරහා ලැබුනා, ඒ කොහොමද? දෙරණ ඩිජිටල් කන්ඩායමට, කොවිඩ් තත්ත්ව යටතේ, අපි බොහෝ දෙනෙකුට මෙන් නිවසේ සිට දුරස්ථව දෙරණ මූලස්ථානය හරහා සම්බන්ධ වෙන්නට සිදු වුනා. මේ සඳහා ඔවුන් යොදා ගත්තේ Team Viewer නම් ඉතා ජනප්‍රිය, දුරස්ථ පාලක tool එකක්. මෙහි ඇති අවධානම තමයි Team Viewer සම්බන්ධතාවය hijack කලහොත්, හැකර්ට පුලුවන් වෙනවා ඒ පරිගනකයේ ඒ වෙන කොටත් ස්ථාපිත සියලුම ගිනුම්වලට ඇතුල්වෙන්න. දෙරණට වැරදුනෙ මෙතන. මේ පරිගණකයේ අදාල passwords පවා browser එක තුල save කර තිබීම නිසා, එයට සම්බන්ධ වූ සැනින් හැකර්ට හැකියාව ලැබුනා ඔවුන්ගේ ගිනුමේ පාලනය ලබා ගන්න. ස්ථාපිත සම්බන්ධතාවයක් නිසා, multi factor authentication ක්‍රියාත්මක වුනේ නැහැ. දෙරණ මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. දැන් එයාලගෙ කන්ඩායමට ආරක්ශාකාරීව, දුරස්ථව සම්බන්ධ වෙන්න VPN එකක් ස්ථාපිත කරලා තියෙන්නෙ. ඒ සමගම cyber security audit එකක් පවත්වා, මෙවැනි vulnerabilities එනම් අඩු පාඩු සොයා පිලියම් යෙදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. මින් අපට ඉගෙන ගත හැකි දේ කුමක්ද? හැකි සැමවිටම පාස්වර්ඩ් එකට අමතරව 2FA ක්‍රියාත්මක කරන්න. එකිනෙකිට වෙනස් එනම් unique passwords භාවිතා කරන්න නමුත් ඒවා browser එකේ save නොකර ඉන්න. ඒ සඳහා password manager එකක් භාවිතා කරන්න. ඒ පුද්ගලික මට්ටමෙන්. ඔබට ආයතනයක් හිමි නම් එහි දුරස්ථසම්බන්ධතා සඳහා in-house VPN එකක් භාවිතා කිරීමත්, සියලුම මෙහෙයුම් පද්ධති, ම්ෘදුකාංග anti-virus පද්ධති නිති update කර තිබීමත්, පෙර කී සාධකවලට අමතරව අවම වශයෙන් ක්‍රියාත්මක කල යුතු කාරනා. ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ කොහෙත් සයිබර් ආරක්ශන පරජාවට තියෙන ප්‍රශ්නයක් තමයි මිනිසුන් ආරක්ශාව සම්බන්ධ තියාගෙන ඉන්න ව්‍යාජ සහතිකය - (false assurance of security). ඒ නිසා වෙන අයට වෙන සයිබර් උවදුරු හරහාවත් අපි පාඩම් ඉගෙන ගමු. එතකොට අපිව ඉලක්ක වෙන දවසෙ අපිට ඒ ගැන සූදනමින් ඉන්න පුලුවන්. මතක තබා ගන්න, සයිබර් උවදුරක් ගැන කතා කරද්දි, It is not a matter of IF but ...... WHEN. sources: https://roar.media/english/life/current-affairs/cryptocurrency-scams-cybersecurity https://www.bbc.com/news/technology-53425822
Broadcast on SBS Sinhala Radio on 2nd Sep මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ජංගම දුරකථනවල දත්ත සොරාගනු ලබන Flubot scam පිළිබඳව මෙන්ම එයින් සිදුවිය හැකි හානි සහ එයින් ආරක්ෂා වීමට ගත යුතු පියවර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. https://www.sbs.com.au/language/sinhala/audio/flubot-scam-the-latest-scam-affecting-mobile-phones-in-australia
Broadcast on 3ZZZ Radio on 29th August කෙටි පනිවිඩ හරහා පැතිරී යන අති භයානක ජංගම දුරකථන වෛරසයක් මේ දිනවල ඉතා ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යනවා. ඔබ බොහෝ දෙනෙකුට සමහර විට දිනකට මෙවැනි පනිවිඩ කිහිපයක් පවා ලැබී තියෙනවා වෙන්න පුලුවන්. ඔබට අත හැරුනු voicemail පනිවිඩයක් ශ්‍රවනය කිරීමට ඒ සමඟ ඇති link එක click කරන ලෙසින් මෙම SMS පනිවිඩය ඉල්ලා සිටිනවා. යම් හෙයකින් ඔබ එය click කරොත්, ඒ හරහා ඔබගේ දුරකථනය වෙත විනාශකාරී app එකක් පසුබිමෙන් ස්ථාපනය වී, එය විසින් රහසේ ඔබගේ passwords, පුද්ගලික විස්තර සොරා ගැනීමට අමතරව, ඔබ නොදැනුවත්ව ඔබගේ දුරකථනය හරහා වෙනත් දුරකථනවලටත් මෙවැණි හානිකර කෙටි පනිවිඩ දහස් ගණනින් යවන්නට පටන් ගන්නවා. දැනට ඔස්ටේලියාවට අමතරව යුරෝපයෙත් ඉතා විශාල ලෙසින් පැතිරී යන මේ සයිබර් අපරාධය හඳුන්වන්නේ Flubot scam නමින්. ScamWatch ආයතනයට අනුව Flubot මුලින්ම වාර්තා වුනේ පසුගිය අගෝස්තු 4 වෙනිදා. ඔවුන් තව දුරටත් සඳහන් කරන්නේ මේ සම්බන්ධ reportings (වාර්තා වීම්) 5500 ඉක්මවා යවමින්, ඉතිහාසයේ එක scam එකක් සම්බන්ධව කෙටි කලකින් ලැබුනු වැඩිම පැමිනිලි ප්‍රමානය මෙයට මේ වන විටත් ලැබී ඇති බවය. මින් එක සිද්ධියකදී , එක්තරා පුද්ගලයෙකු ඩොලර් 5000 ට ආසන්න මුදලක් සොරා ගැනීමකට ලක් වී තිබෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මෙය කෙතරම් භයානක malware එකක්ද කියලා. මේ scam පනිවිඩ හඳුනා ගන්නේ කෙසේද? මේ පනිවිඩ බොහෝ විට වැරදි spellings සහිත වචන කිහිපයක් සමඟ Voicemail received යන්න සඳහන් කරනවා. ඊට අනුයාතව link එකක්ද ඇතුලත් වෙනවා. කිසිම ලෙසකින් මෙම ලින්ක් එක වෙත පිවිසෙන්න එපා. වහාම පනිවිඩය මකා දමා අංකය බ්ලොක් කරන්න. නමුත් අපි හිතමු ඔබ වැරදීමකින් click කලා කියලා, දැන් මොකද වෙන්නෙ? එවිට එය විසින් ඔබව හානිකර වෙබ් අඩවියකට ගෙනියනවා. එහිදී ඔබට voicemail app එකක් භාගත කිරීමට උපදෙස් ලැබෙනවා. ඔබ භාවිතා කරන්නේ Android දුරකථනයක් නම්, මෙහිදී ඔබ අනුමැථිය දුන් සැනින්, එම භයානක malware එක ඔබගේ දුරකථනයේ ස්ථාපිත වෙනවා.. ඔබ භාවිතා කරන්නෙ iPhone දුරකථනයක් නම්, ඔබ Flubot වලින් ආරක්ශිතයි. නමුත්, Flubot නොවන වෙනත් app එකක් මේ වෙබ් අඩවි හරහා install වීමේ හැකියාව තිබෙන නිසා, iPhone දුරකථන භාවිතා කරන අයත් ඉතා පරෙස්සම් විය යුතු වෙනවා. ඔබේ දුරකථනය මේ වන විටත් මෙයට ගොදුරු වී ඇත්නම්, එය රහසිගතව ක්‍රියාත්මක වෙන නිසා ඔබ ඒ ගැන දැන ගන්නේ කෙසේද? මේ malware ඇප් එකේ නම 'voicemail' - එවැන්නක් ඔබේ Android දුරකථනයේ ස්ථාපිත වී ඇත්දැයි ඔබට පහසුවෙන්ම පරික්ශා කල හැකිය. ඊට අමතරව, මේ malware එකින් කරන මූලිකම කාර්‍යයය, දුරකථනයේ ඇති ඔබේ contacts සහ වෙනත් අහඹු නොම්බර විශාල ප්‍රමානයකට මෙම හානිකර කෙටි පනිවිඩ යැවීම. එම නිසා මේ ගැන ඔබේ මිතුරන්ගෙන් සහ නොදන්නා පුද්ගලයන්ගෙන් විමසීම් එනු ඇත. සමහර විට ඔබ නොදැන ඔබේ දුරකථනය ඉතා විශාල කෙටි පනිවිඩ යැවීම නිසා ඔබගේ දුරකථන අංකයේ කෙටි පනිවිඩ යැවීමේ හැකියාව අදාල ජංගම දුරකථන සේවාව විසින් නැවතිය හැකිය. හරි අපි දැන් හිතමු මේ ලක්ශන හරහා ඔබ හඳුනා ගන්නවා කියා ඔබේ දුරකථනය මෙයට ගොදුරු වුනා කියා. කොහොමද එසේ නම් මේ මැල්වෙයා එක ඉවත් කර ගන්නෙ දැන්? මෙය ඉතා භයානක මැල්වෙයා එකක්. ඇප් එකක් ලෙස ඇතුල්වුනත්, වෙනත් ඇප් මෙන් එය පහසුවෙන් හා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නොහැක. සම්පූර්ණයෙන්ම මේ උවදුරෙන් උපාංගය මුදා ගන්නා තුරු, දුරකථනය හරහා කිසිම ගිනුමකට ඇතුල් වී password ඇතුල් කිරීමෙන් වැළකෙන්න. එවිට මැල්වෙයා එක මගින් ඔබේ පාස්වර්ඩ් සහ පුද්ගලික විස්තර සොරාගනු ඇත. ඔබට අවශ්‍ය නම් ඔබගේ ගිනුම්වල password වෙනත් උපාංගයක් හරහා වෙනස් කර ගන්න. ඇප් එක ඉවත් කිරීම තරමක් දුරට තාක්ශණික ක්‍රමවේදයක් නිසා, ඔබට ඒ සඳහා IT ව්ෘත්තියෙක්ගේ උදව් ලබා ගත හැකියි. එසේ නැතහොත්, නිල Anti-virus app එකක් install කර එය හරහා malware ඇප් එක ඉවත් කල හැකිය. එසේ නැථොත් වඩා ආරක්ශිතම ක්‍රියා මාර්ගය නම් උපාංගය factory reset හරහා සම්පූර්ණයෙන්ම වයිර්සයෙන් මුදා ගැනීමයි. මෙහිදී එහි ගබ්ඩා වී තුබූ ඔබේ ඡායාරූප, පනිවිඩ සහ apps සියල්ල ඔබට අහිමි වී යනු ඇත. මේ ගැටලුව වෙන්නට කලින් ගත් backup එකක් හරහා මේ දත්ත නැවත ඔබට ලබා ගත හැකියි. නමුත් ඉතා මෑතක ගත් බැකප් එකක් යොදා ගන්න එපා මොකද අර මැල්වෙයා එක ඒ තුල සිට නැවත ඔබේ උපාංගයට ඇතුල් වෙන්න පුලුවන් නිසා. දැන් ඔබට තේරෙනවා ඇති ඔබ නොදැන, කලබලයට සැක කටයුතු ලින්ක් එකක් ක්ලික් කිරීම් කෙතරම් ව්‍යසනයකට ඔබව හෙලීමේ අවධානමක් ඇති කරනවද කියා. ඔබ දන්න හෝ නොදන්නා කෙනෙක් එවන කෙටි පනිවිඩයක සැක කටයුතු ලින්ක් එකක් තිබේ නම්, එයට පිවිසෙන්න එපා කිසි විටක. වහාම එය මකා දමන්න. එම අංකයට කතා කරන්න යන්නත් එපා මොකද spoofing තාක්ශනය හරහා ඔවුන් වෙනත් අයගේ අංකවලින් එන ලෙසත් පනිවිඩ එවිය හැකි නිසා. පසුගිය වසරෙ, කොවිඩ් නිසා වැඩි පිරිසක් online shopping වෙත යොමු වීම නිසා, සයිබර් හොරුන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් මෙවැනි scams කරහා සොරා ගත් මුදල ඩොලර් මිලියන 850ක්. කනගාටුවට කාරනේ මේ වසරෙ මේ ඉලක්කය ලේසියෙන්ම අභිබවා යාමට නියමිත වීමයි. ඉතා මහන්සියෙන් ඔබ උපයන මුදල් සහ මිල කල නොහැකි ඔබගේ පුද්ගලික දත්ත, සයිබර් හොරුන්ගෙ අතට යනවද කියලා තීරනය කරන්නෙ ඔබේ ක්ලික් එකයි.. ඒ නිසා Think before you click! sources: https://www.scamatcwh.gov.au/news-alerts/missed-call-or-voicemail-flubot-scams https://exchange.telstra.com.au/getting-strange-missed-call-sms-messages-heres-how-to-avoid-the-flubot/ https://www.theage.com.au/business/consumer-affairs/been-bombarded-by-spam-texts-and-ghost-phone-calls-you-re-not-alone-20210820-p58kgn.html
Broadcast on 3ZZZ Radio on 23rd May ඔබ බොහෝ දෙනෙක්ගෙ නිවසේ ආරක්ශක කැමරා සවි කරලා තියෙනවා ඇති.. ඔබ බොහෝ විට ඔබේ ජංගම දුරකථනයේ ඇප් එකක් හරහා, නිවසේ පිට සිටිද්දී ඔබ නිවසේ කැමරා නිරීක්ශන්‍ය කරනවත් ඇති. හිතන්න ඔබ එසේ බලද්දි, ඔබේ නිවසේ කැමරා වෙනුවට, වෙනම රටක, වෙන්ම ගෙදරක් ඇතුලෙ වෙන දේවල් ඔබේ ඇප් එක හරහා දකින්න ලැබුනොත් ඔබ කොහොම කලබල වෙයිද? ඔබ මෙලෙසින් වෙන කෙන්කුගේ නිවසක දර්ශන දකින් විදියට, වෙනත් ආගන්තුක අයට ඔබේ නිවසත් දකීන් පුලුවන් නේද යන අනාරක්ශිත හැඟීමකින් ඔබ වික්ශිප්ත වෙනවා නේද? මම මේ කිව්වෙ ප්‍ර්බන්ධ කතාවක් නොවේ.. මීට දින කිහිපයකට කලින්, ලොව ඉතා ජනප්‍රිය ආරක්ශක කැමරා සන්නාමයක් වෙන Eufycam security system භාවිතා කරන්නන්ට ඇත්තට අත්විඳින්න සිදු වූ සිදුවීමක්. Eufycam පද්ධතියේ සිදු වූ තාක්ශණික ගැටලුවක් නිසා, eda ඇප් එක භාවිතා කරන්නන් යම් ප්‍රතිශතයකට මෙලෙසින් ඇප් එක හරහා වෙනත් අයගේ කැමරාවල දර්ශන පෙනෙන්න අරන් තියෙනවා. ඇමරිකාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කියුබාව, මෙක්සිකෝව සහ ආජන්ටිනාව මේ තාක්ශණික ගැටලුවට නතු වූ රටවල් කිහිපයක්. Eufycam ආයතනය එදිනම විශේෂ නිවේදනයක් නිකුත් කර මේ ගැන සමාව අරන් තිබුනා. එම නිවේදනය ආරම්භ වුනේ මෙලෙසයි. Due to a software bug during our latest server upgrade at 4:50 AM EST today, a limited number (0.001%) of our users were able to access video feeds from other users' cameras. Our engineering team recognized this issue at around 5:30 AM EST, and quickly got it fixed by 6:30AM EST. යම් හෙයකින් ඔබ Eufycam භාවිතා කරන්නෙක්නම්, වහාම එහි ඇප් එකෙන් ඉවත් වී නැවතත් login විය යුතුයි. ඒ හරහා ඔබට මෙම මුදුකාංග දෝශයෙන් (software bug එකෙන්) වැලකෙන්න පුලුවන් වෙනවා. නිවස කියන්නෙ අපගේ පුද්ගලිකත්වය. එහි අරක්ශාව වෙනුවෙන්ම සවි කරපු ආරක්ශක කැමරා, අපේ පුද්ගලික විස්තර සහිතවම වෙනත් ආගන්තුකයන්ට මොහොතකට හෝ දකින්න ලැබීම කෙතරම භයානකද? මම දන්නවා, ඔබ බොහෝ දෙනෙකුට දැන් ඇතිවෙන ප්‍රශ්නය - අපගේ නිවසේ කැමරා පද්ධතිවලටත් මෙය වෙන්න පුලුවන්ද? එසේ නම් ඉන් වැලකෙන්නෙ කෙසේද? කෙටිම උත්තරය මෙය ඕනෑම කැමරා පද්ධතියකට වෙන්න පුලුවන්. මීට කලින් මේ වගේ ජනප්‍රිය Ring, Swann කැමරා පද්ධති පවා මෙවැනි ගැටලුවට ලක් වුනා. යමක් අන්තර්ජාලයට සම්බන්ධ කල සැනින්, එය පිටස්තරයෙකු අතට පත් වීමට ඉඩ ඇති බව, මේ වගේ ස්මාට් තාක්ශනයන් භාවිතා කිරීමේදි, අපි අවධනමක් විදියට භාර ගන්න ඕනෙ. මින් අදහස් වෙන්නෙ මේ තාක්ශනයන් සියල්ල අත හැර, ඒවා වර්ජනය කල යුතු බවක් නොවේ. මෙලෙසින් අවධනම තේරුම් ගත් විට අපට පුලුවන් වෙනවා, අවබෝධය හරහා එයට අනුගත වෙන්න, සැනෙකින් අවශ්‍ය වුනොත් ක්‍රියාත්මක වෙන්න සහ අවධනම අඩු වෙන ක්‍රියාමාර්ග ගන්න. එලෙසින් අවධානම අඩු කර ගන්න පුලුවන් ඉතා පහසු ක්‍රමවේද කිහිපයක් කියන්නම්. මූලිකව හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරා ගන්න. ඉතා ලාබෙට අන්තර්ජාලයේ තියෙන, නමවත් අහලා nathi ස්මාට් තාක්ශනයන් මිලදී ගන්න එපා. දැන් ඔබ අහන්න පුලුවන්, මම කලින් සඳහන් කල සිද්ධිය වුනේ එවැනි ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකකට නොවෙයිද කියලා. ඇත්ත. එය ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක්, ඒ නිසා තමයි ඒ ගැන විශාල මාධ්‍ය ආවරණයක් ඇවිත්, ඔවුන් පැයක් වගේ ඇතුලත ඒ ප්‍රශ්නය නිරාකරනය කලේ. එලෙසින් ක්‍රියාත්මක වෙන්න ඔවුන්ට සම්පත් සහ දැනුම තියෙනවා. මෙවැනි අතපසුවීම් නිසා ඔවුන්ට විශාල ලෙසින් වන්දි ගෙවන්නට සිදුවෙන නිසා ඔවුන් එවැනි දෙයක් නොවෙන්න සෑහෙන උත්සාහයක ගන්නවා. නිඅතර තමන්ගේ පද්ධති update කරනවා. එනිසා මූලිකවම හොඳ බ්‍රැන්ඩ් එකක් පමනක් භාවිතා කරන්න. දෙවනුව, ඔබගේ වීඩියෝ පටිගතවෙන්නෙ අන්තර්ජාලයේ නම් ඒ කියන්නෙ cloud based recording එකක් නම්, එහි ආරක්ශාව වෙනුවෙන් අමතර ක්‍රියාමර්ග thibedha යන්න ඔබට සොයා බලන්න පුලුවන්. එවැනි පටිගත කිරීම් encrypt කරන විසඳුම් තියෙනවා, උදාහරනයක් විදියට Apple's HomeKit Secure Video platform එකේ පටිගත වෙන හැමදේම encrypt වෙනවා - එනිසා වෙන කෙනෙකඋට කිසිම ලෙසකින් එය නඹන්න බැහැ. මේ ප්‍රශ්නෙට අදාල වූ පද්ධතියෙ අන්තර්ජාල රෙකෝඩින් එන්ක්‍රිප්ට් වෙලා තිබුනෙ නැහැ, ඒකයි අනික් අයට බලාගන්න පුලුවන් වුනේ. දැනට වෙලඳපොලේ තියෙන බොහෝ cloud recording එලෙසින් encrypt වෙන්නෙ නැහැ, නමුත් ඔබ නිතර ඇප් එක සහ උපංග update වෙන්න සකස් කරන්න පුලුවන් නම්, මේ වගේ දෝශ ස්වයන්ක්‍රීයව ඉවත් කර ගන්න පුලුවn. එනිසා මතක තබා ගන්න, ඔබේ සියලුම ඇප් auto-update වෙන්න සකස් කර ගන්න. ගොඩක් ප්‍රශ්න ඒකෙන් ඉවත් වෙනවා. අනික් කාරනේ පාස්වර්ඩ් එක - කවදාවත් එය මිලදී ගද්දි ආපු මුල්ම password එක ඒ කියන්නෙ default password එක තියා ගන්න එපා, එය අලුත් එකකට වෙනස් කරන්න. අන්තර්ජාලය හරහා පීරලා default password තියෙන කැමරා පද්දති hack කරන සයිබර් හොරුන් මේ මොහොතෙත් ක්‍රියාත්මකයි. iilaga කාරනේ, අපි හැමදාම කියන, multi-factor authentication, ඒ කියන්නෙ ඔබගේ ගිනුමට ලොග් වීමට ජංගම දුරකතනයට ලැබෙන කේතයක් හෝ notification එකක් යොදා ගන්න විදියට ගිනුම සකස් කරන්න පුලුවන් නම්, එය සක්‍රිය කරන්න. ඒ කියන්නෙ පිටස්තරයෙක් පාස්වර්ඩ් එක දැන ගත්තත්, ඔබගේ ගිනුමට පිවිසෙන්න බැහැ ඔවුන් සතුව ඔබේ ජංගම දුරකථනය නැති නිසා. Smart Home කියන්නෙ අපගේ ජීවිත පහසු කරන තාක්ශනයන්. ගෙදර නොහිටියත් ගෙදර උශ්නත්වය පාලනය කරන්න, ගෙදර තියෙන උපාංග දුරස්ථව ක්‍රියාත්මක කරන්න, කොටින්ම ගෙදර ශීතකරනයේ තියෙන්නෙ මොනවද කියලා අන්තර්ජාලය හරහා බලලා, අඩු දේවල් online ඇනවුම් කරන්න පවා Smart Home තාක්ශනය සමත්. මේවා එක්ක වෙලාවකට හිතෙනවා අපිව තවත් කම්මැලි කරනවද කියලත්. කාර්‍යබහුල් ජීවිතේ, මෙලෙසින් මේ දේවල් පහසු වෙන නිසා ඒක කමක් නැහැ කියමුකෝ. නමුත් ඔබ භාවිතා කරන මොන ස්මාට් තාක්ශනය වුනත් කමක් නැහැ, ඒ ගැන මේ කිව්ව කාරනා හොයලා බලන්න ඔබ කම්මැලි නොවුනොත් විතරයි අපට කියන්න පුලුවන් තාක්ශනේ වගේම ඔබත් smart කියලා. sources: https://bestlifeonline.com/eufycam-security-news/ https://www.techhive.com/article/3619073/eufycam-users-report-seeing-video-from-strangers-in-apparent-privacy-breach.html https://www.usatoday.com/story/tech/2019/12/13/how-secure-your-home-surveillance-cameras-getting-hacked/4407914002/
Broadcast on 3ZZZ Radio on 11th April පාස්කු සති අන්ත නිවාඩුව අවසන් වෙද්දි, ෆේස්බුක් දත්ත සොරකමක් සම්බන්ධ පුවතක් වාර්තා වුනා. හැකර්වරුන් අතර ප්‍රචලිත ඩාක්වෙබ් කලාපයක, රටවල් 106ක ෆේස්බුක් ගිනුම් මිලියන 533ක විස්තර නොමිලේ භාගත කරගත හැකි මට්ටමේ පැවතුනා. සාමාන්‍යයෙන් දත්ත සොරකම් කියලා අපිට හුරු පාස්වර්ඩ්, උපන්දිනය ආදිය වුනත් මේ ගිනුම් මිලියන් 500, මූලිකවම අඩංගු වුනේ දුරකථන අංක. මින් මිලියන 2.5 ක ප්‍රමානයක ඊමේල් ලිපිනත්, තවත් බොහෝ ගිනුම් ප්‍රමානෙක ගැහැනු පිරිමි බව, උපන්දිනය, රැකියා ස්ථානය, විවාහක, අවිවාහක බව ආදිය පවා තිබුනා. මේ ගැන දැන ගත්තු ගමන් මම මුලින්ම කරේ මගේ ගිනුමත් මේ මිලියන 500 තිබෙනවාද යන්න පරීක්ශා කල එක. මගේ අනුමානය නිවැරදි වග තහවුරු වුනා. මගේ දුරකථන අංකය මේ සොරා ගත් දත්ත ගබඩාවෙ ඇතුලත් වුනා. නමුත් ඊමේල් ලිපිනය, උපන්දිනය ආදි කිසිවක් එහි අඩංගු වුනේ නැහැ. ෆේස්බුක් ප්‍රධානි මාක් සකර්බර්ගෙ දුරකථන අංකය සහ සමහර පුද්ගලික විස්තරත් මේ තුල අන්තර්ගත බව පසුව තහවුරු කෙරුනා. මූලිකවම මෙතරම් විශාල ගිනුම් විස්තර සොරා ගත්තේ කෙලෙසද? මේ සොරකම වුනේ 2019 දි, සොරා ගත්තු අය මේ විස්තර දැන් තමයි එලියට දාන්න ගත්තෙ. මේ අය කරේ ෆේස්බුක් එක හැක් කිරීමක් නොවේ. ෆේස්බුක් පද්ධතියේ තිබූ දුර්වලතාවයක් (vulnerability) එකක් යොදාගෙන ඔවුන්ට පුලුවන් වුනා ගිනුම් විස්තර මිලියන් 533 ක විස්තර නෙලා ගන්න. 2019 අගෝස්තු වෙද්දි මේ ගැන සැල වුනු ෆේස්බුක් ආයතනය මේ සිදුර වසා දැමුවා. නමුත් ඒ වෙද්දි ඒ අය පරක්කු වැඩියි. මම මුලින්ම සඳහන් කලා මගේ දුරකථන අංකයත් මේ සොරකමට නතු වුනා කියලා. දැන් මට එය වලක්වා ගත හැකිව තිබුනද? නැහැ. ෆේස්බුක් ගිනුම් හදන ඕනම කෙනෙකුට, දුරකථන අංකය සපයන්න වෙනවා ගිනුමේ ආරක්ශාව වෙනුවෙන්ම. ඒ නිසා මම කෙතරම් පරෙස්සම් වුනත්, සොරකම වුනේ, ෆේස්බුක් පද්ධතියේ සිදුරක් හරහා නම් අපට එය වලක්වා ගන්න බැහැ . දුරකථන අංකය සොරාගෙන ඒ අය මොනවා කරන්නද, අඩු ගානෙ ක්‍රෙඩිට් කාඩ් විස්තර වගේ දෙයක් නම් ඒ අයට ඉන් මුදල් හොරකම් කරන්න තිබුනා. දුරකථන අංකෙන් මොනවා කරන්නද? ඔබට දැන් එහෙම හිතෙනවා ඇති. මෙලෙසින් මිලියන් ගනන් දුරකථන අංක ඔවුන්ට ඉල්ලමක්. එස්/ එම්/එස් හරහා බැන්කුව, පොලීසිය, රජය, පාර්සල් සේවා ආදිය ලෙසින් එන පනිවිඩ හරහා ජනතාව රවටා මුදල් සොරකම් කිරීම මේ කාලෙ අතිශය ශීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. මෙය අසන ඔබටත් ඕනෑ තරම් මෙවැනි පනිවිඩ ලැබිලා ඇති. සමහර විට ඒවට අහුවෙලත් ඇති. විටෙක ඔබ කල්පනා කරන්න ඇති ඔවුන් ඔබේ අංකය කෙසේ සොයා ගත්තාද කියලා. දැන් ෆේස්බුක් හරහා ඔවුන් නෙලා ගත් මිලියන ගානක් ටෙලෙෆෝන් අංක හෙට අනිද්දා වෙන විට ඔවුන් ස්කෑම් කෙටි පනිවිඩ යවන්න භාවිතා කරනවා, එම පනිවිඩේ තියෙන පනිවිඩේ ඇත්ත කියලා ඒක ඔස්සේ ව්‍යාජ නමුත් ඇත්ත වගේ පෙනෙන වෙබ් අඩවියට පිවිසෙන කෙනෙක් බොහෝ විට තමන්ගේ පුද්ගලික විස්තර සහ ක්‍රෙඩිට් කාඩ් විස්තර සයිබර් හොරුන් වෙත ලබා දෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති දුරකථන අංකය වැනි අපි බොහෝ විට බරපතලව නොගන්නා දත්ත ඒකකයක්, එකතු වීමේදී (aggregate) වීමේදී එය සයිබර් හොරුන්ට වෙනත් පුද්ගලික හා මූල්‍යම විස්තර සොරාගන්න මූලික ප්‍රවේශයක් ලබා දෙන හැටි. ඔවුන් මේවා යවන්නෙ දිනකට දස දහස් ගණනින්. ඉතින් සියයට එකක් මේ කූට උපායට අහු වුනත් ඔවුන්ගේ වැඩේ සාර්ථකයි දැන් වැදගත්ම කාරනේ මේකට අපිට කරන්න පුලුවන් මොනවාද? මේ කාරනේදි නම් අපි කෙතරම් පරෙස්සම් වුනත්, අපේ දුරකථන අංකය මෙලෙසින් නිරාවරනය වුනේ ෆේස්බුක් ආයතනයේ අඩුපාඩුවක් නිසා. ඔවුන් එය දැන් නිවැරදි කරලා තියෙනවා. අපේ පැත්තෙන් අපිත් දැනගන්න ඕනෙ අනවශ්‍ය පුද්ගලික විස්තර මේ කිසිම සමාජ ජාලාවකට ඇතුල් නොකරන්න. අපේ උපන්දිනය, ඉන්නෙ කොහෙද, යන්නෙ කොහෙද, ලිපිනය මේ සියල්ල ඇත්තටම සමාජ ජාලා වලට එකතු කිරීම අනිවාර්‍ය නැහැ. අඩුම ගානෙ ඒ විස්තර සඳහන් කරනවා නම්, ඔබේ මිතුරන්ට පමණක් පෙනෙන පරිදි privacy setting එක හදන්න. අනෙක් වැදගත් කාරනේ පාස්වර්ඩ් එක. මම හැමදාම කියන්නෙ ඒ සඳහා හොඳ password manager එකක් භාවිතා කරලා හැම සේවාවකටම අනන්‍ය වූ, වෙනස් සහ සංකිර්ණ පාස්වර්ඩ් එකක් යොදා ගන්න. purudu wu wita, ඔබට පාස්වර්ඩ් මැනේජර් එකක් නැතිවම බැරි වේවි. නැතිනම් හැම සේවාවටම ඔබ එකම පාස්වර්ඩ් එක භාවිතා කරලා, ඒ පාස්වර්ඩ් එක හැකර් කෙනෙක් අතට ගිය දවසෙ ඔබේ සියලු ගිනුම් සින්නක්කරම හැකර්ට ලබාදෙන්න වේවි. අනෙක් කාරනේ මතක ඇතිව ඔබේ වැදගත් ගිනුම්, විශේෂයෙන්ම ඊමේල්, සමාජ ජාලා ගිනුම් ආදියට multi-factor authentication සක්‍රිය කරන්න. එවිට ඔබේ ගිනුමට, වෙනත් උපාංගයක් හරහා ලොග් වීමේදී පාස්වර්ඩ් එකට අමතරව දුරකථනයට එන කේතයක් හෝ notification එකක් භාවිතා කරන්න වෙනවා amathara arakshanayak lesa. අනෙක ඊමේල් සහ කෙටි පනිවිඩ හරහා එන සැක කටයුතු link click කිරීමෙන් වැලකි සිටීම. විශේෂයෙන්ම එවැනි අඩවියක් හරහා ඔබගේ පුද්ගලික විස්තර සහ ක්‍රෙඩිට් කාඩ් විස්තර ඉල්ලා සිටිනවා නම්, ඒ අඩවිය නිල අඩවියක්දැයි නිසැකව තහවුරු කර නොගෙන ඒ විස්තර ලබාදෙන්න එපා. මේ කිසිම කාරනයක් තාක්ශනිකව අමාරු දේවල් නෙවේ. නමුත් " අපිට නම් ඕවා වෙන්නෙ නෑ කියන මානසිකත්වය තියෙනතුරාවට පරෙස්සම් විය යුතුයි කියන ආකල්පය දුර වෙනවා. smart ෆෝන් භාවිතා කරාට මදි, අපිත් cyber smart වෙන්න ඕනෙ නැත්නම් සයිබර් හොරු අපිව outsmart කරනවා.
Broadcast on 3ZZZ Radio on 21st Feb. පෙබරවාරි 9 වෙනිදාට යෙදී තිබුනේ අන්තර්ජාතිකව සමරන Safer Internet Day. එදා මටත් පුද්ගලිකව විශේෂ දින්‍යක වුනේ, ප්‍රසිද්ධ බාලිකා පාසලක තරුන දරුවන්ට, අන්තර්ජාල ආරක්ශනය ගැන එදිනම කෙටි දේශනයක් කරන්න ආරාධනාවක් ලැබීම. මේ පාසල බෙරික් නගරයේ පිහිටා තියෙන St Margaret's senior college. වයස 13ත් 18ත් අතර දරුවන් 200ක් පමණ එහි අධ්‍යාපනය ලබනවා. විනාඩි 22 ක පමණ දේශනය අවසානයේ, ඉන් තමන් බොහෝ කරුනු ඉගෙන ගත් වග, මා සමඟ කතා කරන්නට ලැබුනු දරුවන් කිහිප දෙනෙක්ම සඳහන් කලා. එනිසා අද දවසේ, සයිබර් සටහන වෙනුවෙන් මම අද තේමා කර ගන්නේ තරුණ දරුවන්ට අන්තර්ජාල ආරක්ශනය ගැන කතා කිරීමේදී අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුනුත්, ඇත්තටම ඔවුන්ට වඩාත් ගෝචර සහ අදාල වන, එදින ඔවුන් සමඟ මා බෙදාගත් කරුනු කිහිපයකුත්. මින් සමහර කාරනා ඔබටත් ඔබේ තරුන් දරුවන් සමඟ බෙදා ගන්නට පුලුවන් වේවි. මූලිකව මේ දරුවන් තාක්ශනය පැත්තෙන් ඉන්නෙ අපිට වඩා ඉස්සරහින්. එනිසා අවධානම ගැන තේරුම් කර, ඉන් මිදිය හැකි විදිය ගැන සඳහන් කිරීම ඔවුන්ට ප්‍රමානවත්. එය කරන්නේ කෙසේද යන්න ගැන විස්තර ඔවුන්ට අනවශ්‍යයි. මෙය මට ඇත්තටම පහසුවක් වුනා. මේ ක්ශේස්ත්‍රයේ මගේ අත්දැකීම් ගැනත්, මාත් සමාජ ජාලා ආශ්‍රිත සක්‍රිය කෙනෙක් වගත්, ඔවුන් වැනිම තරුණ දරුවන් සිටින පියෙකුට අමතරව, ඒ වයසේ දරුවන්ට භාශා දැනුම ලබා දෙන ගුරුවරයෙක් වගත් මා මුලින්ම මගේ හැඳින්වීමේදී මම පෙන්වා දුන්නා. මෙයට විශේෂ හේතුවක් තිබුනා. තරුණ දරුවන් අපට වැටහෙන බවත්, අපත් මේ තාක්ශනයන් දෙස ඍනාත්මක නොබලන වග පෙන්වා දී දෙයක් කියා දෙද්දී ඔවුන් වඩා උනන්දුවෙන් එයට ඇහුම්කන් දෙනවා. එවිට එය සාම්ප්‍රදායික දේශනයක් ඉක්මවා ගොස් ඔවුන්ගේ හැසිරීම් රටා වෙනස් කිරීමට සමත් සාධනීය බලපෑමක් කරන මැදිහත්වීමක් වෙනවා. මගේ උත්සාහය වුනේ, ඔවුන් නොදැන සිටින කාරනාත්, දැන සිටියත් තරුනකම නිසා අවධානම අවතක්සේරු කරන කාරනාත් ඔවුන්ට ආකර්ශනීය සහ තර්කානුකූල ක්‍රමයකින් තේරුම් කර දෙන එක. එදා ඒ දරුවන සමඟ මම බෙදා හදා ගත් තොරතුරු මොනවාද? තරුන දරුවන් ආසක්තම දෙය ඔවුන්ගේ ජංගම දුරකථනය නිසා මම එහි ආරක්ශාවට ඔවුන් කල යුතුම කාරනා කිහිපයක් මතක් කලා. ඒ තමයි කිසි දිනෙක් ඒ වෙනුවෙන් එන updates කල් නොදමා, මෙහෙයුම් පද්ධතියත්, apps සියල්ලත් යාවත්කාලීන කරන ලෙස. එලෙසම ඔවුන්ට මතක් කර දුන්නා, අපි හැරෙන්නත් කලින් ඒ අය apps install කර ගන්න සමත් වුනත්, හැකි නම් විනාඩියක් අරන් ඒ බාගත කරන ඇප් review කරන ලෙස. ඔවුන්ට මම මතක් කලේ, එක දෙයක් කරන වග පෙන්වා, වෙනත් දෙයක් කරන්නට සමහර හානිකර ඇප්ස් වලට පුලුවන්, අප ඒ ගැන විමර්ශනශීලි නොවුනොත් කියලා. ඒ සමගම දරුවන් අතර බොහෝ ජනප්‍රිය ක්‍රියාවලියක් වෙන නොමිලේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුලුවන් Free WiFi ජාල සම්බන්ධයෙන් අතිශය පරෙස්සම් විය යුතු කලාපක්. McDonalds වැනි එවැනි Free hotspots තිබෙන ස්ථානයකට laptop යන්ත්‍රයක් අතැතිව එන hacker කෙනෙකුට, එයට සම්බන්ධ වෙන සියලු දෙනාගේම අන්තර්ජාල වෙත යන දත්ත හොරකම් කල හැකි ආකාරය මම දරුවන්ට පැහැදිලි කර දුන්නා. එම අවධානයෙන් මිදීමට බොහොම පහසුවෙන් VPN ඇප්ස් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වීමෙන් හැකි වගත් ඔවුන්ට තේරුම් කර දුන්නා. තරුන දරුවන් පස් දෙනෙක් ගත්තොත්, ඉන් එක්කෙනෙක් තමන්ගේ සමාජ ජාලා ගිනුම් password එක යාලුවන් එක්ක බෙදා ගන්නවා. මෙහි අවධානම පැහැදිලි කරලා මම ඒ අයට කියා දුන්නා, නොමිලේ තියෙන password manager සේවාවන් හරහා සංකීර්ණ password, මතක තබාගැනීමකින් තොරව ගබඩා කර ගන්නා ආකාරය. ඒ සමඟම ගිනුමේ ආරක්ශාව තර කර ගන්නට, two factor authentication යොද ගත් යුතු වීමේ වැදගත්කමත් ඒ සමඟම කියවුනා. ඊට පසුව මම ඔවුන්ට කියා දුන්නේ සමාජ ජාලා ආශ්‍රිතව, ඔවුන්ව ඇබ්බැහි වීමට ලක් කිරීමේ පසුබිමත් ඉන් මිදෙන්නට ඔවුන්ට ගත හැකි ඉතා පහසු උපක්‍රමත්. දේශනයේ මේ කොටස සමබන්ධව, පසුව මට විශේෂ ප්‍රසාදයක් පලකලේ විදුහල්පතිතුමිය සහ මෙය සම්බන්ධීකරනය කල ගුරුතුමිය. ඔවුන් මට කියා සිටියේ මේ සම්බන්ධව ඔවුන් දැනුවත් කිරීම් කොතෙක් කල තිබුනත්, ක්ශේස්ත්‍රයේ ව්ෘත්තිකයෙක්ම මේ ගැන විද්‍යාත්මක කරුනු ගෙන හැර පෑමෙන් දරුවන්ට ඒ ගැන ලොකු අවබෝධයක් ලැබුනු වගයි. ඒ සමඟම තමන්ගේ උපන්දිනය, ලිපිනය ආදි පුද්ගලික දත්ත අන්තර්ජාලයේ සඳහන් කරද්දි ඒ ගැන පරෙස්සම් විය යුතු වීමේ වැදගත්කම මම ඔවුන්ට මතක් කර දුන්නා. අවසාන වශයෙන්. තරුන දරුවන් අතර ඉතාම භයානක ලෙස ප්‍රචලිත , තමන්ගේ නුසුදුසු ඡයාරූප බෙදා හදා ගන්නා sexting නම් උවදුර ගැනත් ඔවුන්ට පහදා දුන්නා. එලෙසින් වෙන අය සන්තකයට යන ඡයාරූප, වීඩියෝ ආදිය අනිසි ලෙස කෙනෙක් භාවිතා කරන සංසිද්දීය අප හඳුන්වන්නේ Image Based Abuse නමින්. එවැනි තත්වයකට පත් වූ කෙනෙකුට හෝ Cyber Harrasment, Cyber Bullying, Online Hate ආදියට පත් අයට රජයෙන් දෙන සහන සේවාත්, එවැනි ඕනෙම අවස්ථාවක වැඩිහිටියන්ට හෝ Kids Helpline වැනි රජයේ Professional Counselling සේවාවලට යොමු වීමේ වැදගත්කමත් මම අවධාරනය කලා. මේ අපේ අනාගත පරපුර. අන්තර්ජාලයෙන් තොර ලමා කාලයක් තිබූ අපට වඩා, පහසුකම්, දැනුම ආදිය පැත්තෙන් ඔවුන් කෙතරම් වාසනාවන්තද? නමුත් සයිබර් අවකාශය සමඟ නිසඟයෙන් බැඳී ඇති උවදුරු ගැන ඔවුන්ව සබුද්ධික නොකලහොත්, අප දැනුවත්වම ඔවුන් විශාල අගාදයක් වෙත යන අයුරු හෙට දවසේ අපට බලා සිටින්නට සිදු වෙනවා නොඅනුමානයි. මම කතාව අවසන් කලේ කොවිඩ් සම්බන්ධව දැනට ප්‍රාන්ත රජයෙන් නිතර මතක් කරන තේමාවක් සමඟ අන්තර්ජාල ආරක්ශනය මේ විදියට සම්බන්ධ කරමින්. අද සයිබර් සටහනත් ඒ සමාප්තියම ලබා දෙන්නම්.
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට ළමුන්ට Online අධ්‍යාපනයට යොමුවීමට සිදුවී ඇත. එහිදී ඔවුන් මුහුණ පෑ හැකි පොදු Cyberbullying තර්ජන පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියාව තුළ ඒවා වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න. මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. - SBS Sinhala Radio https://www.sbs.com.au/language/sinhala/audio/the-common-cyber-bullying-threats-facing-children-and-how-to-prevent-them ******* මගේ සටහන: මේ සාකච්ඡාවෙ කොටසක් පමණයි කාල වේලාවෙ ගැටලු නිසා ඔවුන් විකාශය කලේ. දෙමාපියන් විදියට අප සාම්ප්‍රදායිකව ක්‍රියාත්මක වෙන විදියෙ ආකල්පමය වෙනසක් ගැනත් මෙතනදි කතා වුනා. නමුත් අවාසනාවකට ඒ කොටස ටිකක් දිගට ගියනිසා ඇතුලත් වී නැහැ..
Full speech delivered to girls at St Margaret's Senior School on Safer Internet Day.Special thanks to the school principal and Head of Girls Well Being for the opportunity.This podcast is usually delivered in Sinhala Language but this is an exception :)Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Broadcast on 3ZZZ Community Radio on 17th January 2021Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Broadcast on 3ZZZ Community Radio on 13th December 2020Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Broadcast on 3ZZZ Community Radio on 15th November 2020Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Broadcast on 3ZZZ Community Radio on 18th October 2020Read on my blog: http://cyberwiparama.blogspot.com/Cyber Wiparama can be listened via all major podcast apps. Search for "Wiparama" and subscribe if you find this useful.
Broadcasted on 3ZZZ RAdio on 27the Sep 20204 mins readඅගෝස්තු 31 දා ඇමෙරිකාවේ රොනී මැක්නට් නම් පුද්ගලයා තමාගේ සිය දිවි නසා ගැනීම ෆේස්බුක් හරහා සජීවී ව විකාශය කරනවා. Shot gun එකක් යොදාගෙන, තමාගෙ හිස සුනු විසුනු කර ගන්නා මේ අතිශය බිහිසුනු දර්ශනය ෆේස්බුක් ජාලයෙන් ඉවත් කරන්න පැය තුනක් විතර ගත වෙනවා. ඉන් පසු ව සතියක විතර නිහඬතාවයකින් පස්සෙ මේ වීඩියෝ එක මතු වෙන්න ගන්නෙ තරුන දරුවන් අතර අතිශය ජනප්‍රිය ටික්-ටොක් නම් සමාජ ජාලය හරහා.මෙම වීඩියෝව අදාල ජාලයේ, recommended videos පෙල ගස්වන For You කලාපයට අතුලත් වීමෙන් එය මිලියන ගනනක් දකින්නේ අතිශය කම්පනයක් ඔවුන්ට ඇති කරමින්. ඉන් පසු එම වීඩියෝව සමාජ ජාලයෙන් ඉවත් කෙරුනත්, එහි අදාල සංවේදි දර්ශන කොටස තරුන දරුවන් බලන අතිශය අහිංසක වීඩියෝ තුල සඟවා, මේම වාරනය තුලින් රිංගා යමින් එය ප්‍රචාරය වෙන්නට පටන් ගත්තා. මෙය කෙතරම් දරුනුවට පැතිරුනාද කියතහොත්, ලොව වටා පාසල් දෙමාපියන්ට ඊමේල් ලිපි පවා යවමින් ඉල්ලා සිටියේ දින කිහිපයකට දරුවන් ටික් ටොක් සමාජ ජාලයෙන් වෙන් කර තබන ලෙසින්.නමුත් අපි හැරෙන කොට දරුවන් මේවා දැකල අවසන්. මාධ්‍ය හරහා මේ ගැන අහන්නත් කලින් මගේ පුතාගෙන් මේ ගැන මම දැන ගත්තෙ. ඒ ගැන ඔහුත් එක්ක කතා කරලා ඒවයෙ යථාර්තය ගැන පැහැදිලි කරනවා හැරෙන්න දෙයක් ඉතිරි වෙලා තිබුනෙ නැහැ. සැප්තැම්බර් 10 දා ලෝක සියදිවි නසා ගැනීම වැලැක්වීමේ දිනය. ඔස්ට්‍රේලියාවෙ මේ දිනය සමරන්නෙ R U OK Day නමින්.. ඉන් අදහස් වෙන්නෙ මානසික ව්‍යාකූල තත්වෙක ඉන්න කෙනෙක් දුටුවොත් ඒ අය කොන් නොකර, සුහද කතා බහකට යොමු කිරීම සහ සුදුසුකම් ලද විශේෂඤ්ඤ සහයක් වෙත යොමු කිරීම හරහා ලොකු ව්‍යසනයක් නවතාලිය හැකි බවත්. ලෝක සෞඛ්‍ය සංවිදානයට අනුව හැම තත්පර 40 ට වරක් මේ ලෝකෙට සිය දිවි නසා ගැනීම නිසා මනුස්ස ජීවිතයක් නැති වෙනවා. ඒ කියන්නෙ එක අවුරුද්දකට ජීවිත ලක්ශ අටක්. මින් සාමාන්‍යයෙන් පිරිමි මරණ, ගැහැනු මරණ වගේ දෙගුණයක්.. යුරෝපෙ පැත්තට යද්දි පිරිමි සිය දිවි නසා ගැනීම් සමස්තයෙන් 80%ට ආසන්න වෙනවා. ලොව කොහේ වුනත්, ගැහැනු වුනත්, පිරිමි වුනත් මේ සියල්ල නිරපරාදෙ නැති වෙන ජීවිත. අද දවසෙ මේ හැල්මෙ දුවන ජීවිත අතර, අපි හැම තැනම දකින්නෙ බලාපොරොත්තු කඩවීම් සහ අපේක්ශා භංගත්වය. ඔය අතරෙ මේ කොරෝනා වසංගතය ඇවිත් මේ තත්ත්වය අතිශයින් ව්‍යාකූල කරලා. වැඩිහිටියන් වගේම මානසික පීඩනයක ඉන්න දරුවන්ට ටික් ටොක් වගේ සමාජ ජාලා හරහා මෙලෙසින් හානිකර දේවල් උත්කර්ශයට නන්වන විට ඔවුන්ගේ හෙට දවසෙ ගැටලුවලට විසඳුම් ලෙස ඔවුන් දකින්නේ එතරම් හිතකර දේවල් නොවේ. එනිසා වැඩිහිටියන් විදියට අපි සැවොම මානසික ව්‍යාධින් ගැන විව්ෘතව කතා කරමු. අපේ දරුවන්ගෙ මානසික සුවතාවය ගැන සැලකිලිමත් වෙමු. මනස තාවකාලිකව ලෙඩ වෙන්න පුලුවන්.. ශරීරයේ ලෙඩක් වගේම, නිසි ප්‍රතිකාර හරහා එය සුව කර ගත හැකි බවත්, ඒ ගැන ලජ්ජා විය යුතු නැති බවත් අපි සිහි තබා ගත යුතු වෙනවා. සාම්ප්‍රදායිකව, මේවා හිතේ තනියම දරාගෙන ඉඳලා විසඳා ගන්න පුලුවන් ලෝක තත්ත්වෙ දැන් වෙනස් වෙලා. එනිසා මේ සමාජ ආර්ථික සහ තාක්ශණික වට පිටාව අපට බල කර සිටිනවා, මේ අලුත් අභියෝග වලට අනුගත වෙන විදියට අපගේ ආකල්පයම දිශානතිය සීරු මාරු කර ගන්නට. හැම දේම හරිඅයට, තිතට වෙන්න ඕනෙ නැහැ. මේ ඔක්කොම අපි අපේ හිත එක්ක කරන ගනුදෙනු. වැරදුනාම අලුතෙන් පටන් ගමු. වැදගත් වෙන්නෙ හිතේ සතුට.එසේ නම් අද දවසේ සයිබර සටහන තුලින් අපිත් ඔබට මතක් කරන්නේ It is OK not to be OK කියලා.
Broadcast on 3ZZZ Community Radio on 16th August 2020(ඔව්... මාර පරන සෙට් එකක් එක පාරට අත් අරින්න හදන්නෙ...රේඩියෝ එකේ ගියත් බ්ලොග් එකට හෝ පොඩ්කාස්ට් එකට දා ගන්න වෙලාවක් නැති වුනා .. පරන අවුරුද්දෙ දේවල් අලුත් අවුරුද්දට ගෙනි යන්න හොඳ නෑනෙ.. එපිඔසෝඩ් හයක් හතක් එක පාරට අතාරින්න හදන්නෙ..)4 mins readපසුගිය අගෝස්තු 2ි අපට ඉතා වැදගත් දවසක්.. එදින තමයි වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියල් ඇන්ඩ්‍රිව්ස් මහතා හදිසියෙම 'State of Disaster' ප්‍රකාශයට පත් කරේ. ඒ සමඟම Stage 4 Lock Down මෙල්බර්න් මෙට්‍රොපොලිටන් ප්‍රදේශවලටත්, Stage 3 Lock Down ප්‍රාන්තයේ අනෙක් ප්‍රදේශවලටත් ප්‍රකාශයට පත් කරා. මින් වැඩියෙන්ම කම්පන තරංග ඇති කරේ රාත්‍රී 8 සිට එදින සිටම ක්‍රියාත්මක වෙන ලෙස නියෝග කල ඇඳිරි නීතියයි. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව පලමු වරට ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක මෙවැනි දරුනු මට්ටමින් ගමනාගමන සීමා කිරීම් කල දවසක් වුන නිසා, මෙල්බර්න් වාසීන් කෙතරම් කම්පනයට පත් වුනේ දැයි අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ.අගෝස්තු 2 දා උදේ මේ ගැන කිසිදු හෝඩුවාවක් කාටවත් තුබුනෙ නෑ.. තද Lockdown එකකට යයි කියන විශ්වාසය තිබුනත් මේ මට්ටමේ ප්‍රතිචාරයක් ඔවුන් කිසි ලෙසකින් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් මේකට කිසිම සම්බන්ධයක් නොතිබුනත් බොහෝ දෙනුකුට එදින උදේ වරුවෙ, හරියට මේ ගැන ඉගි කරන්නා වගේ, වෙන කිසි දාක නොවුනු කරදරයක් වුනා..ඒ තමයි ඒ අයගෙ නිවසෙ Telstra අන්තරජාල සම්බන්ධතාවය පැය ගානකට බිඳ වැටීම.. ඉරිදා දවසක් වුනත්, නිවසේ අන්තරජාලය වෙන කවදාටත් වඩා තීරනාත්මක මේ කාලෙ ඉන් උගෙන ගන්නා දරුවන්, නිවසේ සිට වැඩ කරන ඉතා බොහෝ දෙනක් අතිශය අපහසුතාවයට පත් වුනා..මේ අන්තර්ජාල බිඳ වැටීම පිටි පස්සෙත් හරි අපුරු කාරනා ටිකක් තියෙනවා. එනිසා අද අපි කතා කරන්නෙ අගෝස්තු 2 දා සවස වුනු Lockdown එක ගැන නෙවෙයි, එදාම උදේ වුනු අන්තර්ජාල Breakdown එක ගැන.
පසු ගිය සතියේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය චීන ජාතිකයෛන් දෙදෙනෙකුට සයිබර් අපරාධ චෝදනා ගොනු කලා. වසර එකෙලොහක් පුරාවට ඔවුන් හැක් කිරීම මගින් සොරාගත් දත්ත සහ කරන ලද හානිය අති මහත් බව ඇමරිකාව පවසනවා. ඔවුන් නිසා අගතියට පත් පාර්ශව අතර අතර ඔස්ට්‍රේලියාවේ ආරක්ශක සේවා කොන්ත්‍රාත්කරුවෙකු සහ සූර්‍ය බලශක්ති ඉන්ජිනේරු ආයතනයක්ද වෙනවා.ඒ අතර ඔවුන්ගෙන් කෙනෙක් කොරෝනා රෝගය සම්බන්ධ එන්නත් වෙනුවෙන් පර්‍යේශන කරන ඇමරිකාවේ බයෝටෙක් ආයතනයක පර්‍යේශන වාර්තා වෙනුවෙන් රහසේ ඔත්තු බලා ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මීට අමතරව, , එංගලන්තය, ජපානය, බෙල්ජියම, ජර්මනිය, ස්වීඩනය, ලිතුවේනියාව, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, දකුනු කොරියාව ආදී රට්වල ව්‍යාපාර වල ජාල වක්ලට සම්බන්ධ වී වැදගත් තොරතුරු සම්බන්ධව ද නීති විරෝධි ප්‍රවේශ කිරීම් කර ඇති බව ඇති බව ඇමරිකානු නීතිවේදීන් චෝදනා එල්ල කලා. අවුරුදු 33ක් සහ 34ක් වයසැති මේ පුද්ගලයන් ඔස්ට්‍රේලියානු ආර්ක්ශක කොන්ත්‍රාත්කරුවාගෙන් පමණක් සොරාගෙන ඇති විස්තර ප්‍රමානය ගිගාබයිට් 320ක්. මේ හේතුව නිසා මේ අය චීන රජයේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම කටයුතු කරන්නට ඇති බව බටහිර ලෝකය සැක පහල කරනවා. දශකයක් පුරාවට සොරකම් කන ලදැයි පවසන ලද දත්ත ප්‍රමානය ටෙරා බයිට් ගනනින් වෙන අතරේ මූල්මය පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගනනින් වෙන බව මේ වාර්තාවලින් කියවෙනවා මේ දිනවල ඔස්ට්‍රේලියාව සහ චීනය අතර දේශපාලනිකව පවතින්නෙ සීතල යුද්ධයක්. read full story at my bloghttp://cyberwiparama.blogspot.com/ Cyber Wiparama podcast is available via all major Podcast apps
Broadcast on 3ZZZ Radio on 12th July 2020Visit my blog for full transcript: http://cyberwiparama.blogspot.comජුලි නමය වෙනිදා සිට මෙල්බර්න් නගරය සති හයකට නැවත ලොක් ඩවුන් කරලා.. මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් මෙල්බර්න් සහ මිචෙල් ශයරයේ මිලියන පහක ජනතාව නැවතත් තමන්ගේ නිවෙස් තුල සිර වෙනවා. ඔවුන්ට නිවසින් පිටත්ට පැමිණිය හැක්කේ අත්‍යවශ්‍ය කාරනා ලෙස ප්‍රාන්ත රජය නම් කර ඇති හේතු කිහිපයක් සඳහා පමනයි.. මාර්තු මාසයේ මෙවැනිම සීමා කිරීමක් කිරීමෙන් පසුව කොරෝනා ආසාදිතයන්ගේ ශීග්‍ර වැඩිවීමක් සමඟ බලදාරීන්ට නැවත මේ සීමා කිරීම් දක්වා යන්නට සිදු වුනා. මේ අතර අනෙක් ප්‍රාන්ත වික්ටෝරියානුවන්ට තමන්ගේ ප්‍රාන්තයට පැමිනීම තහනම් කරලාඑනිසා ප්‍රාන්තයක් විදියටත්, මෙල්බර්න් නගරයේ නම් පවුල් විදියටත් මේ මොහොතේ අපට දැනෙන්නේ හුදකලා වූ, සමාජ ජීවිතයෙන් දුරස්ථ වූ මානසික තත්වයක්.මනෝ වෛද්‍ය වරුන් පෙන්වා දෙන්නේ මෙම අලුත් තත්වය නිසා ඉතා විශාල ලෙස මානසික සෞඛ්‍යයට හානි සිදු විය හැකි බවයි. සිඩ්නි විශ්ව විද්‍යාලයේ මොලය සහ මනස කේන්ද්‍රයේ මහාචාර්‍ය ඉයන් හිකී මහතාට අනුව, මෙම දෙවන වර සීමා කිරීම් මානසිකව අතිශය හානිකර වෙනු ඇත. ඇමරිකාවට, බ්‍රිතාන්‍යට මෙන් නොව ඔස්ට්‍රේලියාවෙ තත්වය යහ්පත් යැයි සිතා නැවත සාමාණ්‍ය ජන ජීවිතයට එන්නට ජනතාව සූදානම් වෙනවාත් සමඟම රැකියා විරහිතවීම්, අවිනිශ්චිත ආර්ථික කාරනා සහිතව, නැවත නිවෙස් තුල සිර වෙන්නට සිදු වීම කොහෙත්ම ලේසි නැති බවයි මහාචාර්‍යවරයා පවසන්නෙ. කොරෝනා වසංගත තත්වය උද්ගත වීමෙන් පසුව Lifeline වෙත ලැබුනු දුරකථන ඇමතුම් සංක්‍යාවේ වැඩිවීම 25%. Lifeline යනු සියදිවි නසා ගැනීමට තරම මානසික බිඳ වැටීමට ලක් වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙන් පිහිටවා තිබෙන ජාතික සහන සැයපුම් සේවාවයි.එලෙසින්ම, Depression මානසික තත්වයෙන් පීඩා විඳින්නන්ට සහනය සපයන Beyond Blue වෙත ලැබුනු ඇමතුම් සංඛ්‍යාවේ වැඩිවීම 40% කි. මින් ඔබට පැහැදිලි ඇති මේ මොහොතේ මානසික සෞඛ්‍ය සම්බන්ධව ජාතික මට්ටමෙන් ඇති වී තියෙන භයානක නැඹුරුව..Federal රජය මානසික සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක ප්‍රතිපාදන මෑතකදී නිවේදනය ඒ නිසාවෙන්මයි.
Broadcast on 3ZZZ Radio on 21st June 2020Date: මැයි 25 දාPlace: MineaPolis, Monesota, USAඅමානුශික පොලිස් ක්‍රියාකාරකමක් නිසා මහා දවල්, වීදියක කලු ජාතික George Floyd මිය යෑමේ දර්ශන අන්තර්ජාලය හරහා පැතිර ගියේ ලැව් ගින්නක් වගේ.කුපිත වුන ජනතාව ආරම්භ කල උද්ඝෝශන පසුව ප්‍රචන්ඩත්වයටත්, කොල්ලකෑම් තත්වයටත් වර්ධනය වුනා. මේ තත්වය ඉතා ඉක්මනින්ම වෙනත් රටවලටටත් පැතිර යන අයුරු දැන් අපිට පෙනෙනවා.. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක, ඇබොරිජිනල් ජනතාවට සහයෝගයක් ලෙස Black Lives Matter තේමාව යටතේ විශාල උද්ඝෝශන කිහිපයක්ම දියත් වුනා. කොවිඩ් සීමා කිරීම් මධ්‍යයේ පවා, එලිමහනේ සිදු වෙන මෙම උද්ඝෝශණ සහ බාධා කිරීම් මාධ්‍යවල නිතර ප්‍රචාරය වුනත්, සත්‍ය කාරනාව වන්නේ මෙම අරගලය ඉතා දරුනු ලෙස ක්‍රියාත්මක වන්නේ සයිබර් කලාපයේ බවයි.මූලිකවම මෙම ජනතා නැඟිටීම් ඉතා කෙටි කලෙකින් එක් තැන් කලේ සමාජ මාධ්‍ය ජාලා හරහාය. ඒ සමඟ වතුරේ පහතට බලෙන් ඔබා ගෙන සිටි රබර් බෝලයක්, එක්වරම ඉහලට පොලා පනින්නා සේ මෙම Black Lives Matter නැමති ජනතා ව්‍යාපෘතිය යෝධ ජන පවුරක් සේ නැගී සිටියා.Annonymous නැමති ලොව ප්‍රකට hacktivist සංවිධානය මෙම අරගලය සහය පල කරමින්, පොලිස් ආයතන ඉදිරියේදී හැක් කිරීමට ලක් කරන වග සඳහන් කරා. ඔවුන්ගේ සමාජ ජාලා පිටු සඳහා දින දෙකක් ඇතුලත මිලිගන ගනනින් අනුගාමිකයන් එකතු වෙන්නට එම පනිවිඩය ප්‍රමානවත් වුනා.මැයි 31 දා ඔවුන් මිනියාපොලිස් පොලීසියේ වෙබ් අඩවියට ප්‍රහාරයක් එල්ල කරා. උද්ඝෝශකයන්ට බාධා කරන ඕනෑම රජයේ දෙපාර්තමේන්තු වෙබ් අඩවි වලටද එම ඉරණම අත් වෙනු ඇති බව ඔවුන් තව දුරටත් අනතුරු හැඟ වූවා.ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි ආයතන ප්‍රසිද්ධියේ BLM අරගලයට සහය දැක්වූවා.ඇමසන් ආයතනයේ හිමි කරු වන ජෙෆ් බෙසොස් මහතා ඒ වෙනුවෙන් එන විවේචන වලට ප්‍රසිද්දීයේ පිලිතුරු පවා සපයා තිබුනා. Netflix, HBO වැනි streaming සේවාවලින් සමහර චිත්‍රපට පවා දැන් ඉවත් කරනවා ඒවයේ අන්තර්ගතයේ අඩු පාඩු පෙන්වා දෙමින්. Little Britain, Mighty Boosh, Gone with the wind, එලෙසින් ඉවත් කල චිත්‍රපටි කිහිපයක්.මින් අදහස් වන්නේ නැහැ අන්තර්ජාලය හරහා මේ අරගලයට ලැබෙන්නෙ ආශිර්වාද පමනයි කියලා.
Broadcast on 3ZZZ Radio on 31st May 2020Fill transcript at my blog: http://cyberwiparama.blogspot.com/නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම නිසා සෞඛ්‍යමය වශයෙන් සැලකිය යුතු වන්නේ මොනවාද ඇසුවොත් පිලිතුර වන්නේ අධික තිර කාලය නිසා ඇස්වලට වෙන හානිය, ව්‍යායාම මදිකම, මානසික සෞඛ්‍ය ගැටලු ආදිය. නමුත් මේ හැම දේකටම කලින් අපට දැනෙන හානියක් තියෙනවා නිසි විදියට සැලකිලිමත් නොවුනොත්..ඒ තමා ගෙල, පිට සහ කොන්ද ආශ්‍රිතව, වැරදි ඉරියව්වේ දිගටම යෙදීම නිසා වන කශේරුකා අස්ථි ආශ්‍රිත ගැටලු. මේ සම්බන්ධව ඉතා මෑතක රෝගීන් බොහෝ දුරට කශේරු අස්ථි විශේෂඤ්ඤයින් වෙත යොමුවු බව Australia Chiropracters Association (ACA) ආයතනය වාර්තා කරනවා. එනිසා අද අපි කතා කරමු, නිවසේ සිට පරිගණක ආශ්‍රිතව වැඩ කිරීමේදී (Working From Home) අප කොහොමද පරෙස්සම් වෙන්නෙ කියලා.
Broadcast on SBS Radio on 26th May 2020https://www.sbs.com.au/language/sinhala/audio/covid-19-restrictions-are-easing-in-austrelia-what-are-the-community-accountability-to-keep-up-the-protection-of-the-the-society-monthly-panel-discussion"ප්‍රාන්ත විසින් කොරෝනා පාලනයට යොදා තිබූ නීති ලිහිල් කිරීමත් සමඟ එයට අනුකූලව අපේ ජීවිත වෙනස්කර ගැනීමේදී පොදු සමාජය විධියට අපට ඇති වගකීම් මොනවාද? මෙවර SBS සිංහල විනිවිද සමාජ මත විමසුම තුලින්අපත් සමග කතා බහට එක් වුයේ ඇඩිලේඩ් හි වෛද්‍ය සරත් සේනාදීර , ක්වීන්ස්ලන්තයේ මහාචාර්ය ජේ වීරවර්ධන , NT හි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා මිත්‍රත්ව පදනමේ සභාපතිනි ඉනෝකා පින්තූ , මෙල්බන් නුවරින් චම්පික යටගම , සිඩ්නි නුවරින් කැලුම් ඉනාමලුව"වැඩසටහන් සම්පාදනය: චරිතා අධිකාරි
"මේ දිනවල ලංකාවේ විකාශය වෙන ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයක් අතරින් බොහෝ කතා බහට ලක් වෙන කතාවක් තමා 'තණමල්විල කොල්ලෙක්' කියන්නෙ. 'ජීවිතයේ අනේක විධ හැල හැප්පීම් වලට ලක් වෙන, අද්‍යාපනය අතරමඟ අවසන් වෙන තරුණයන් පිරිසක්, වැලි ගොඩ දමන බෝට්ටුවල, කංසා හේනේ, නිධන් හාරන තැන, රෝහලේ, පොලිසියේ , වැරදි වැරදි ජීවිතය සොයා යන හැටි, පහර කන හැටි, නැවත් අප්‍රතිහත වීර්‍යෙන් නැගී සිටින අයුරු මේ කතාවේ ඉතා සංවේදී ලෙස චිත්‍රනය කරනවා.කතා නායකයා, කොලඹ සිට යුරෝපයට සංක්‍රමනය වෙන්නේ ඉතා සාර්ථක කලා කරුවෙක් විදියට- ඔහුට එතනට එන්නට ඔහු මහ පොලොවේ කල සටනත්, තමාගේ ආදරණිය පවුල විසින් ඔහු වෙනුවෙන් කල කැපවීම සහ ආදරය පදනම සැපයූ අයුරුත් එහි අපි දකිනවා. අද සයිබර් සටහනට මම කතා කරන්න යන්නෙ මේ ටෙලි නාට්‍යය ගැන නම් නොවේ.. අද දවසෙ මම කතා කරන්න යන ප්‍රස්තුතයට මේ කතාව හරහා ප්‍රවේශයක් ගත්තා පමණයි. මම අද කතා කරන්නෙ ඔබ බොහෝ දෙනෙක් අසාවත් නැති, ලෙඩක් ගැන - ඒකට කියන්නෙ Virtual Autism කියලා. "Full transcript published on my bloghttp://cyberwiparama.blogspot.com/
Donald Duckගෙ රූපෙ තියෙන GIF එකක් ඒ කියන්නෙ අහිංසක animated රූපයක් විව්ෘත කිරීමෙන් පමනක් ඔබේ ආයතනයේ ජාලය hack වීමකට ලක් විය හැකියි කිව්වොත් ඔබ එය විශ්වාස කරනවද? ඊමේල්, කෙටි පනිවිඩ වල භයානක ලින්ක් එනවා කියලා අහලා තිබුනත්, මෙහෙම රූපයක් විව්ෘත කිරීම එතරම් අනතුරුදායක වෙන්නෙ කොහොමද කියලා ඔබට හිතෙන්න පුලුවන්.මම මේ කියන්න යන්නෙ එවැනි අනතුරකින් Microsoft Teams කියන Video Conferencing Platform දැවැන්තයත් නූලෙන් බේරුනු විදිය ගැන. Full transcript at my blog.http://cyberwiparama.blogspot.com/POdcast can be listened via any major podcast app
Broadcast on 3zzz Radio on 3rd MayFull transcript available in my blog: cyberwiparama.blogspot.comඅප්‍රේල් 26දා සවස 6ට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් CovidSafe නමින් ඇප් එකක් ජනතාව වෙනුවෙන් මුදා හැරියා. කොරෝනා රෝගය ඉදිරියේදී පාලනය කර ගැණීම් වෙනුවෙන් ජනතාවගෙන් අඩුම ගානෙ 40%ක්වත් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත යුතු බව රජය පවසනවා. සින්ගප්පුරුවේ සාර්ථකව ක්‍රියාත්මක වූ ඇප් එකකට සමානව මෙය සැලසුම් කල බවයි පැවසෙන්නෙ.මෙම ඇප් එක ඉන්ස්ටෝල් කිරීම අනිවාර්‍ය නැහැ නමුත් රජය පසු ගිය සතිය පුරාවට මේ වෙනුවෙන් ජනතාව උනන්දු කිරීමට විශේෂ වෙහෙසක් ගත්තා. එවැනි ඇප් එකක් හරහා ඉතා සක්‍රිය ලෙස ප්‍රජා ව්‍යාප්තිය (community transmission) හඳුනා ගත හැකි වීමෙන්, අදාල අංශවලට රෝගයට ගොදුරු වූ සහ ගොදුරු වූ අය සමීපයට පැමිනි අය සැලකිය යුතු නිරවද්‍යතාවයකින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙනවා.ඇත්තටම මේ ඇප් එක වැඩ කරන්නෙ කොහොමද?ඔබ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන සිටිනවා නම් එය ඔබ අවට මීටර් 1.5 ක් සමීපයට පැමිණ විනාඩි 15ට වඩා වැඩි වෙලාවක් සිටින අයගෙන් මෙම ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න අය ගැන යම් සටහනක් එන්ක්‍රිප්ට් වීමක් සහිතව ගබඩා වෙනවා. මෙලෙස ගබඩා වෙන්නෙ පුද්ගලික විස්තර නොවේ, එම ඇප් එක ඉන්ස්ටෝල් කර ගත් කෙනාට අදාල ඇප් එක විතරක් දන්නා encrypted ID එකක් පමණයි. මෙලෙසම ඔබ ගැනද ඔබ සමීපයේ සිටි ඇප් එක සහිත අනෙක් පුද්ගලයාගෙ දුරකථනයේ සටහන් වෙනවා.දැන් මේ විස්තර දිගටම ගබ්ඩා වී තියෙනවද? නැහැ- දවස් 21කට වඩා පැරණි සටහන් ස්යයැංක්‍රීයව මැකී යනවා. ඒ සමඟම ඒ ඔබගේ ෆෝන් එකේ ගබ්ඩා වෙන දත්ත ෆෝන් එකෙන් වෙනත් මධ්‍යම දත්ත ගබඩාවකට ee mohothe යන්නෙ නැහැ කියල ඔවුන් සහතික වෙනවා. මේකෙන් කොහොමද රෝග ව්‍යාප්තිය පාලනය වෙන්නෙ?අපි හිතමු මේ ඇප් එක භාවිතා කරන මට යම් මොහොතක රෝගය වැලඳුනා කියලා. එවිට සෞඛ්‍ය නිලධරීන් මගෙන් අවසර ඉල්ලනවා මගේ ෆෝන් එකේ දත්ත ඔවුන්ගේ මධ්‍යම දත්ත ගබඩාවට ගන්න පුලුවන්ද කියලා. මම අනුමැතිය දුන්නොත්, ඒ දත්ත මධ්‍යම ගබ්ඩාවට යනවා, එහිදී පද්ධතිය විසින් මා අවට පසුගිය දින 21ක කාලය මා නිසා අවධානමට ලක් වූ ඇප් එක භාවිතා කරන අයට ඒ ගැන දැණුවත් කරනවා වහාම පරීක්ශාවකට ලක් වෙන ලෙස. ඒ සමඟම ඔවුන්ගෙන් අවසර ඉල්ලනවා ඔවුන්ගේ දත්තත් මධ්‍යම ගබ්ඩාවට ගෙන දින 21ක කාලය තුල ඔවුන්ගේ සමීපයේ සිටි අය හඳුනා ගෙන ඒ අයටත් පරීක්ශාවට ලක් වෙන්න දැණුවත් වීම් කරන්න.මින් ඔබට පැහැදිලි ඇති ඇප් එක සාර්ථක වීමට නම් සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මේ ඇප් එක භාවිතා කල යුතු බව. මෙය ලේසි පාසු කටයුත්තක් නොවන බව දැන ගෙන සිටි රජය මේ ගැන විශේෂ ප්‍රචාරයක් ලබා දුන්නා. එහි ප්‍රතිපලයක් ලෙස මුල් පැය 24 ඇතුලත වාර්තාගත ලෙස මිලියන 2 ඉක්මවූ ප්‍රමානයක් ඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තා.
Broadcast on 26th April on 3ZZZ Community Radioකොරෝනා වසංගතය නිසා, මුලු ලෝකයම උඩු යටිකුරු වෙලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවේ.රැකියාව කරන්න, පාසල් අද්‍යාපනය ලබන්න විතරක් නෙවෙයි සමීපතම නෑ හිත මිතුරන් එක්ක සුහද කතාබහේ යෙදෙන්නත් වෙලා තියෙන්නෙ අපේම නිවස තුල හිරවෙලා අන්තර්ජාල වීඩියෝ තාක්ශණ හරහා. එකම නිවසෙ මුලු මුලු වලට වෙලා පවුලේ සියලුම දෙනා පරිගණක ටැබ්ලට් දෙස මුහුන හොවාගෙන දවසෙන් වැඩිම කාලයක් ගෙවීම බොහෝ නිවෙස්වලට සුලබ දසුනක්.කොරෝනා සම්බන්ධව ම අපි උනන්දුවෙන් කරුනු හොයන අතරෙ තවත් භයානක් ව්‍යසනයක් අපේ දෑස් ඉදිරියේ තියෙනවා.. හරියටම කිව්වොත් දෑස් ඉදිරියෙත් නොවේ.. මොකද ව්‍යසනය වෙන්න යන්නෙත් දෑස් වලට නිසා..Refer my blog for full transcripthttp://cyberwiparama.blogspot.com/
Broadcast on 19th April on 3ZZZ Community Radioකොරෝනාව ගෝලීය වසංගතයක් වෙලා.. මිහි මත ජීවත් වෙන හැම මනුස්සයෙක්ම ජීවිත අවධානම, අවිනිශ්චිත බව සමබන්ධයෙන් මේ විදියට තැති ගන්වා තමන්ගේම නිවසේ සිර කර වූ කාල වකවානුවක් අප කිසි කෙනෙකුගේ ජීව්ත කාලයටම අත් නොවිඳි දෙයක්.මේ ඛේදවාචකය එතරම් බිහිසුනුයි. දස දහස් ගණනක් සෞඛ්‍ය සේවයේ යෙදෙන්නන් සහ අත්‍යවශ්‍ය සේවා සපයන්නන්, ජීවිත අවධානම නොතකා, දිවා රෑ නිදි වරාගෙන මේ කතා කරන මොහොතෙත් වෙහෙසෙන බව අපි සැම ගෞරව පූර්වක ක්ෘත්වේදීත්වයෙන් සිහි කරන්න ඕනෙ.ඒ මානව ගුණාංගයන්ගෙන් පිරිපුන්, මනුශ්‍යත්වයේ සුවඳ වහනය වෙන උදාර මිනිසුන් වගේම මේ ඛේදවාචකය තුලින් ඇති කල අලුත්ම තත්වය යොදාගෙන, සයිබර් අවකාශය හරහා මිනිසුන් අමාරුවේ දමන අයත් සිටින වගත් කණගාටුවෙන් වුනත් කියන්න වෙනව. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් මොනවාද යන්නත්, එයින් ඔබට ගැලවිය හැක්කේ කෙලෙසද යන්නත් කෙටියෙන් හෝ අද දවසේ සයිබර් සටහන තුලින් සාකච්ඡා කලහොත් එය මේ සයිබර් විනයන්ගෙන්ොබට පරෙස්සම් වෙන්නට උදව්වක් වේ යයි මම සිතුවා.The full transcript available at my bloghttp://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ Radio on 15th March 2020Podcast link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-54-coronavirus-working-from-home.htmlකොරෝන වෛරසය ලොවම භීතියට පත් කර ඇති මේ මොහොතේ, රටවල් 119කට අධික භූ ගෝලිය වපසරියක් තුල, ලෝ වැසියන් 118,000 ට මේ වන විට රෝගය වැලඳී තිබෙනවා. මරණ සංඛ්‍යාව 4300ක්. ඔස්ට්‍රේලියාවේ රෝගය වැලඳුනු බවට තහවඋරු වූ පුද්ගලයන් සංඛ්‍යාව 126 පසු කලේ පසු ගියදා. තත්ත්වය තවත්ුත්සන්න විය හැකි බවට අනතුරු හඟවන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු රජය, මාර්තු 11 වෙනිදා COVID-19 Pandemic Plan වැඩපිලිවෙල එලි දැක්වූවා.රෝගය තවමත් වසංගත තත්ත්වයකට වර්ධනය වී නොමැති වුවත්, පෙර නොවී විරූ කැපකිරීම් කරමින් එයට මුහුන දෙන්නට සූදානම් වීමේ අවශ්‍යතාවය මත මෙය එලි දැක්වූ බව වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩ්ෲස් තම ෆේස්බුක් ගිනුම හරහා ප්‍රකාශ කර තිබුනා. Corona Virus Disease 2019 යන්න කෙටි වීමෙන් COVID-19 යන විද්‍යාත්මක නාමය එයට ලැබී තියෙනවා.නමුත් මම අද කතා කරන්න යන්නෙ මේ රෝගය ගැන නොවේ, සයිබර් අවකාශය මේ රෝග තත්ත්වයෙන් නිම වූ කලබලයට සිසිල් පොද වැස්සක සැනසීමක් ගෙන එන අයුරු ගැන..අද මම කතා කරන්නෙ Working From Home කියන ප්‍රවනතාවයේ නැගුම ගැන..Working From Home කියන්නෙ අලුත් සංකල්පයක් නොවේ. පරිගනකය් ආශ්‍රිතව රැකියාවේ නියුතු වෙන අයට, කාර්‍යාලයට නොපැමින අන්තර්ජාලය හරහා, බොහෝ විට Virtual Private Network (VPN) සම්බන්ධතාවයක් හරහා සේවා ස්ථානයේ ජාලයට සම්බන්ධ වී වැඩ කටයුතු කිරීමේ වරප්‍රසාදය මේ නමින්ඝැඳින් වෙනවා. බොහෝ සේවා ස්ථානවලින් එක් එක් පුදගල අවශ්‍යතාවය මත, විශේෂ අවසරයක් මත මේ පහසුකම සමාන්‍යයෙන් ලබා දෙන්නෙ. නමුත් කොරෝන වෛරසය මේ තත්වෙ වෙනස් කලෙ එක රැයෙන්.. අද වෙන විට ලොව පුරා සෑම විශාල ආයතනයක්ම පාහේ, පරිගණක හරහා ජාල ගත වන තමන්ගේ ශ්‍රම බලකායට නිවසේ සිට වැඩ කරන්නට අනුබල දෙනවා. ඒ සමගම ගුවන් ගමන්, අනතුරු දායක රටවලට ගමන් කිරීම සීමා කොට රැස්වීම ආදිය Video Conferencing අන්තර්ජාල තාක්ශණය හරහා කරන්නට වැඩි වැඩියෙන් උනන්දු කරනවා මේ දිනවල දක්නට ලැබෙනවා.උදාහරනයක් විදියට, මගේ සේවා ස්ථානයේ අපගේ සම්පූර්ණ කන්ඩායමට සම්පූර්ණයෙන්මෙක් දිනක් නිවසේ සිට වැඩ කරන්නට උපදෙස් දී Webex හෝ zoom නම් තාක්ශයණයන් හරහා සම්පූර්ණ කන්ඩායමම එක විට සම්බන්ධ වී පර්‍රික්ශණ රැස්වීමක් පැවැත්වුනා. මේ වන විටත් ලොව තාක්ශණික ලොව දැවැන්තයන් වෙන Google, Apple, Amazon, Twitter වැනි සමාගම් ලොව වටා සිටින තම සේවකයන්ට මෙලෙසින් Working from Home හරහා වැඪ කරන්න නියම කර තිබෙනවා. විශාල සංස්ක්ෘතික උත්සව, ක්‍රීඩා තරඟ ආදිය ඉදිරියේ බොහෝ විට ක්‍රියාතමක කිරීමට ඉඩ ඇති සීමා කිර්‍රිම හමුවේ Facebook Live, Youtube broadcast, Google Hangout, Apple Facetime වැනි තාක්ණයන් හරහා අපට වැඩි වැඩියෙන් නැරඹීමට සිදු වෙනු ඇති බවට අනුමාන කල හැකියි. දැනටමත් විශ්ව විද්‍යාල, අන්තර්ජාතික ශිෂ්‍යයන් වෙනුවෙන් මුල් සති දෙක පාඨමාලා පවත්වන්නේ අන්තර්ජාලය හරහා පමණයි.මා දන්නා එක් පාසලක, බදාදා දවස හඳුන්වන්නේ Digital Delivery Day නමින්. එදිනට ගුරුවරයා Microsoft Teams හරහා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සමඟ සම්බන්ධ වී අධ්‍යයන කටයුතු කරනවා. එනිසා ඉදිරියේදී පාසල් වසා දැමුවහොත්, අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගෙනා යාමට හැකි තාක්ශණික පදනම පාසලේ දැනටම තියෙනවා. අපට ඉදිරියේදී මෙවැනි තාක්ශණික විධික්‍රම සියලු පාසල් වලට හඳුන්වා දීමක් දකින්න ලැබේවි. සයිබර් තාක්ශණය මෙලෙසින් සාධනීය ලෙස අධ්‍යපනික, ව්ෘත්තීමය කටයුතු වෙනුවෙන් යොදා ගැනෙන සිදුවීම අතරෙ, සයිබර් අපරාධකරුවන්ද තමන්ගේ මංකොල්ල කෑම් වලට කොරෝනා නම යොදා ගන්නා අයුරුත් ඔය අතරෙ වාර්තා වෙනවා. මිනිසුන් රවටන්නට කොරෝනා සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුලත්, අනතුරු සහගත attachments, links ඇතුලත්ව ඊමේල් හෝ කෙටි පනිවිඩ විදියට මේවා එවන්නෙ. එනිසා කොරෝනා සම්බන්ධව ඔබ දකින සමාජ ජාලා මාධ්‍ය පනිවිඩ, ඊමේල්, කෙටි පනිවිඩ සමබන්ධව අතිශය විමසිලිමත් වෙන්න. රජයේ හෝ වෙනත් විශ්වාසදායි මාධ්‍ය මත පමනක් තොරතුරු වෙනුවෙන් යැපීම වඩා යෝග්‍යයි. මුදල් එකතු කිර්‍රිම එනම් චැරිටි ගැනද හොඳින් කරුනු විමසා ආධාර ලබා දෙන්න. ඉදිරියෙ තත්වය ගැන අනාවැකි කියන්න අමාරුයි. අප සැම ගෙවන්නේ අනපේක්ශිත සහ අවිනිශ්චිත කාල වකවානුවක්. නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න පුලුවන්. මිනිසාගෙ කුදු මහත් කටයුතු වෙනුවෙන් අපට එක්ව වැඩ කරන්නට අවස්ථාවක් නොලැබෙන විට තාක්ශනය පැමිණ සයිබර් අවකාශය හරහා අප ව එක් කරමින් ඒ අඩුව පුරවනු ඇත.ඒ අවකාශයම අඳුරු බලවේග නිර්ලජ්ජිතව තමන්ගේ වාසිය වෙනුවෙන් යොදාගන්න වෙහෙසෙද්දී, අප මෙලෙසින් දැණුවත් වෙමින් ඒ බලවේග පරදවමින්, තාක්ශණයේ අසිරියෙන් මේ මොහොතේ අභියෝග ජය ගනිමු.
Braodcast on 23rd Feb on 3ZZZ Community RadioBlog link: https://cyberwiparama.blogspot.com/2020/03/episode-53.html"මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනෙ" කියලා කතාවක් සිංහල කතා ව්‍යවහාරයේ තියෙනවානෙ..තරුණ මදය සහ අන්තර්ජාලය එක් වුන තැන, අවාසනාවකට මේ සීමාව කුමක්ද, අවධානම් සීමාව කුමක්ද යන්න ගැන නිසි තක්සේරුවකට එන්න අපේ තරුණ දරුවන් අසමත් වෙනවා. එහි ප්‍රතිපලය, ජීවිත හානි පවා ගෙන දෙන මහා භයානක අවසානයක්. අද මම කතා කරන්නෙ, මේ දිනවල ටික්ටොක් කියන සමාජ ජාලාවකාශයේ, තරුන දරුවන් අතර පැතිර යන එවැනි භයානක සෙල්ලමක් ගැන මේකට කියන්නෙ TikTok Skull Breaker Challenge කියලා. මෙහිදී සිදු වන්නේ මේ ගැන නොදන්නා මිතුරෙක්ට උඩ පනින්නට උපදෙස් දී, දෙපසින් සිටින මිතුරන් දෙදෙනෙක් උඩ පනින පුද්ගලයාගේ දෙපාවලට එක විට පහර දී බිම හෙලීමයි. බිමට වැටෙන පුද්ගලයාගේ කොන්ද සහ හිසේ පසුපස මේ හේතුවෙන් තදින් පොලොවේ වැදීමක් සිදු වෙනවා. මෙය වීඩියෝ ගත කරන හතර වෙනියා එය සමාජ ජාලා අවකශයට එකතු කරනවා. ලොව වටා මෙය රැල්ලක් ලෙස පැතිරීම හේතුවෙන්, මේ prank විනෝදයේ ගොදුරු වූ තරුණ ලමයින් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තියෙනවා. පසුගිය දෙසැම්බරයේ බ්‍රසීලයේදි මීට සම්බන්ධ පලමු මරණය වාර්තා වුනා..ඒ දහසය හැවිරිදි ගැහැනු ළමයෙක්. අන්තර්ජාලයේ මේ දිනවල වේගයෙන් පැතිර යන එක් වීඩියෝවකට අනුව, වෙනිසියුලාවේ පාසලක තරුණ දරුවෙක් හිස කෙලින්ම කොන්ක්‍රීට් පොලොවෙ වදින ලෙස මින් අනතුරට පත් වෙනවා. පසුව වාර්තා වුනේ මේ දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවත්, එම පාසල මේ ගැන විශේෂ පරීක්ශනයක් පවත්වන බවත්ය. මේ බිහිසුනු ක්‍රීඩාව ගැන ලොව වටා වෛද්‍යවරුන් දැඩි අනතුරු අඟවනවා. ඔවුන්ට අනුව හිස් කබල බරපතල ලෙස් තුවාල වීම නිසා ජීවිත කාලයටම බලපාන දුබලතා, අංශභාගය හෝ මරණයට පවා මින් ගොදුරු විය හැකියි. එසේම වේගයෙන් බිම වැටෙන කෙනෙක් අවසන් මොහොතේ ඉන් ගැලවීමට දෑත් යොදා ගැනීමට උත්සාහ දැරීමෙන් අස්ථි බිඳී යාම්ද විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. දරුවන් ස්වභාවයෙන්ම අවදානම සහගත වැඩ කරනවා, ත්‍රාසය, උද්වේගය පාලනය කිරීමට අවශ්‍ය මොලයේ ක්‍රියාකාරිත්වය (impulse management) මූලික තරුණ වයසේ දරුවන්ගේ සම්පූර්ණැයෙන්ම වර්ධනය නොවීම මීට හේතුවයි. ඒ හේතුවෙන් අන් අයගේ අවධානයට පාත්‍ර වෙන සුලු, ත්‍රාසජනක (thrill-seeking) ක්‍රියාවන් වෙත ඔවුන් නිතැතින්ම ආකර්ශනය වෙනු අපිට දක්නට ලැබෙනවා. සමාජ ජාලා හරහා වැඩියෙන් ෆල්ලොවර්ස්ලා, ලයික්ස් ආදියෙන් දෙන උත්තේජනයට ඔවුන් ලොබ බඳින්නේ එනිසයි. දෙමාපියන් සහ වැඩිහිටියන් විදියට ඔවුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීම, කරුණාවෙන් එහි අවධානම පැහැදිලි කිරීම අනිවාර්‍යෙන්ම විය යුත්තක්. ටික් ටොක් වැනි සමාජ ජාලා හරහා මීට කලිනුත් මේ වගේ භයානක් ප්‍රවනතා වාර්තා වුනා.. බොහෝ විට වයස අවුරුදු 13ට අඩු දරුවන් විශාල ප්‍රමානයක්, දෙමාපියන්ගෙ අනුදැණුමකින් තොරව ටික් ටොක් වෙත තමන්ගේ නිදන කාමරයේදි හෝ , පාසලේ මිතුරන් සමග ගන්නා වීඩියෝ ආදිය එකතු කරනවා. කාමාතුරයන් සැරිසරන අන්තර්ජාලය තුල මෙහි අවධානම ගැන ඔබට අමුතුවෙන් කියන්නෙ ඕනෙ නැහැ නෙ.. පෙබරවාරි 11 වෙනිදා Safer Internet Day ලොව පුර සැමරුවා.. එහිදී බොහෝ විට කතා වුනේ Cyber Security පැත්ත ගැන.නමුත් මෙතරම ප්‍රයෝජනවත් සයිබර් අවකාශයම, අපේ දරුවන්ගේ ජීවිත පවා බිලි ගත හැකි Skull Breaker Challenge වැනි පිලිල සහිත අවදානම් කලාපයක් වෙද්දි, Security පැත්ත අභිබවා Safety ගැන දැඩි අවධනයක් යොමු කරන්න අපට වෙලා තියෙනවා. මෙතනදි ඇත්තටම තාක්ශණයෙන් කල හැකි දේ හරිම අල්පයි.. ඔබ අප දැනුවත් වීමත්, දරුවන්ට ආදරයෙන් ම මේ කාරනාවලට මැදිහත් වීමත් හරහා අපට පුලුවන් වෙනසක් කරන්න. හෙට දවසේ ලෝකය හිමි දරුවන්ගේ ඔලු ගෙඩි මහ පොලොවේ වදින්නට නොදී රැක ගැනීම අද දවසේ ඔබත්, මාත් වෙත පැවෘනු වගකීමක් බව අප මතක තබා ගත යුතු වෙනවා.
Broadcast on 3ZZZ Radio on 26th Jan 2020 - (4. 49 mins)Visit cyberwiparama.blogspot.com for all episodes.අපි කුඩා කාලයේ , අනාගතය ගැන හැදුනු විද්‍යා ප්‍රබන්ධ බොහොමයක අපි දුටුවේ හැම කෙනාම තමන්ගේ වාහන වලින් අහසින් යන හැටි.අතිශය ජනප්‍රිය වූ Steven Spielberg ගේ Back to the Future චිත්‍රපට මාලාවේ, ඔවුන් 1985 වසරේ සිට 2015 වසරට යන්නට කාල තරන වාහනයට නගින විට, එමට් බ්‍රව්න්, මාර්ටි මැක්ෆ්ලයි තරුනයාට කියූ ප්‍රසිද්ධ කියමන මෙහිදී මතක් වෙනවා.. "Roads... where we're going, we don't need roads" චිත්‍රපටයේ ඔවුන් දුටු 2015 ඔක්තෝම්බර් 21 දා ඉක්ම ගිහිල්ලත්, එදා ඔවුන් අනාවැකි කියූ ගුවනින් යන කාර් ඇත්ත වුනේ නැහැ නේද? ඔව්. නමුත් එය 2020 වසරේ සත්‍ය වෙන හැඩයි. අද අපි කතා කරන්නෙ අහසින් යන කාර් ගැන. ලොව අති නවීනතම තාක්ශයන් හඳුන්වා දෙන, ඇමරිකාවෙ ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු Consumer Electronics Show හිදී අහසින් යන්න පුලුවන් ටැක්සි සේවාවක් ගැන, මීට සති කිහිපයකට කලින් අහන්න ලැබුනා. මෙහි වැදගත්ම පනිවිඩය තමා මේ ගුවන් ටැක්සි සේවාව 2023 වෙන විට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මේ වසරේදී නගර තුනක නියමු ව්‍යාප්ෘති ගුවන් ගමන් පවත්වන්න සැලසුම් කිරීම. ෙම නගර තමයි ලොස් ඇන්ජලිස්, ඩැලස් සහ මෙල්බර්න්. ඒ කියන්නෙ ඇමරිකාවෙන් පිට, මේ වසරේම, මෙවැනි ගුවන් ටැක්සියක් පියාසර කරනවා දකින්නට ලැබෙන්නෙ මෙල්බර්න් අහසේ පමණයි. මේ සේවාවා හඳුන්වා දෙන්නෙ ඔබ බොහෝ දෙනෙක් දන්න ටැක්සි සේවාවක් වෙන Uber. ඇත්තටම Uber හඳුන්වන්න වෙන්නෙ Cyber based ride-sharing සේවාවක් විදියට මොකද ටැක්සි සේවාවක තියෙන කේන්ද්‍රගත සැකැස්ම වෙනුවට මෙහිදී වෙන්නේ වෙබ් අඩවියක් ගෝ ඇප් එකක් හරහා, ඒ ආසන්නයේ මෙම සේවාවා ලබා දෙන වෙනත් කෙනෙක්ගෙ වාහනය හරහා තමන්ගේ ගමන ගොස් ඇප් එකෙන්ම ගනුදෙනුව නිමා කිරීම. සමහර විට නොදන්න කිහිප දෙනෙකුට වුනත්, ඇප් එක හරහා අදාල මුදල බෙදා ගෙන එකට ගමන යන්න පුලුවන්. මින් ඔබට පැහැදිලි ඇති, දුරකථන ඇමතුමක්වත් නොදී, ඇප් එකක් හරහා, තමා අවට මේ සේවාව සපයන්න එකඟ වෙන ඕනෑම ඌබර් වාහනයක සේවාව ලබා ගැනීමට හැකි වීම ඇත්තටම සාම්ප්‍රදායික ටැක්සි සේවාවන් අර්බුධයට යැවීමක්. මේ ride sharing සේවාවේ ලොව දැවැන්තයා තමා Uber. මහා මාරගය ජයගත් ඔවුන්, ගුවන ජය ගන්න Uber Elevate කියලා තවත් ආයතනයක් පිහිටවූවා. Huyundai මෝටර් සමාගම සමග එකතු වී මේ සඳහා යොදා ගැනීමට ඔවුන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ ගුවන් ටැක්සිය තමයි ඔවුන් එදා මුල් වතාවට ජනතාවට පෙන්වුයේ. S-A1කෙලින්ම ඉහලට සහ පහලට යා හැකි ලෙස නිම වෙන මේ විශේෂ කුඩා ගුවන් යානවලට කියන්නේ ' Personal Air Vehicle' කියලා - මේ පලමු නිර්මානයට ඔවුන් දීලා තියෙන නම S-A1. එයට මීටර් 600ක් ඉහල අහසේ පැ.කි.ම් 290 කුපරිම වේගයක් සමඟ කි.මී 100ක් දක්වා පියාසර කරන්න පුලුවන්. එක වරකට හතර දෙනෙකුට මෙහි ගමන් ගන්න පුලුවන්. මුලදී නියමුවන් සහිතව මෙම යාන ගුවන් ගත වුනත් පසු කාලෙක නියමු රහිත යාන ලෙස යානා නිර්මානය කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. මෙල්බර්න් නගරයේ මෙය මුලින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ නගරය සහ ටුලාමරින් ගුවන් තොටපල අතරයි. දැනට පැයක ගමනක් වෙන මේ දුර ගුවනින් විනාඩි 10ක් දක්වා අඩු වෙනු ඇත. මෙම ආයතනය පවසන්නේ, ඉදිරියේදී අදාල නිලධාරීන් සහ ප්‍රජාවන් සමඟ එක්ව නව launch pads සහ ගමන් මාර්ග ස්ථාපිත කිරීමටත්, ඊට අදාල යටිතල පහසුකම් සහ රෙගුලාසිමය කටයුතු නුදුරු අනාගතයේම සිදු වෙන බවත්ය.මෙය ඉතා මිල අධික ගුවන් ගමනක් වේ යැයි දැන ඔබ සිතනවා ඇති. Uber Elevate ආයතනයට අනුව, මෙම ගමනේ ගාස්තුව, UberX Luxury කාර් එකක ගමනක් වෙනුවෙන් වැය වන මුදලම පමනයි. කටයුතු එසේ සිදු වේ නම්, මෙම ගුවන් ගමන් සාමාන්‍ය ජනතාවට ඉතා පහසු මිලට, ඉතා අඩු කාලෙකින්, පරිසර හානිය අවම වූ, සන්සුන් ගමනකට මඟ විවර කරන විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත. අපිට කොතනට හරි ඉතා ඉක්මනින් එන්න කියලා ඉල්ලීමක් එද්දි, ප්‍රායෝගිකව එය පහසු nowena කොට, කතා ව්‍යවහාරයේදී කියවෙන ප්‍රකාශයක් තියෙනවා "උඩින් එන්න kiyalada කියන්නෙ" කියලා? කාරනා කටයුතු සිද්ධ වෙන විදියට, නුදුරු අනාගතයෙදි, මේ කතාව මෙන්න මේ විදියට වෙනස් වෙන හැටියක් තමයි පේන්න තියෙන්නෙ."පොඩ්ඩක් ඉන්න.. මම ටැක්සියක් අරං උඩින් එන්නම් මේ දැන්ම"sources:https://www.news.com.au/technology/uber-reveals-details-of-melbournes-new-flying-taxi/news-story/501147a7d8c5f31590e21851656d4901https://www.uber.com/au/en/elevate/uberair/
ලොව ප්‍රථම ජංගම දුරකථන නිරීක්ශක කැමරා ජාලයක් ( Mobile phone detection cameras) දෙසැම්බර් මස පල වෙනිදා සිට සිඩ්නි නගරයේ ක්‍රියාත්මක වෙනවා. පලමු සතියේ විතරක්, සිඩ්නි නගරයේ ස්ථාන 6ක් හරහා මින් වාහන 773,000ක් නිරීක්ශනය කර නීති විරෝධී ලෙස වාහනය පදවද්දී ජංගම දුරකථන භාවිතා කල 3,300ක් පිරිසක් අල්ලා ගැනීමට බලධාරීන් සමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් අධික වේග හෝ රතු එලිය මධයයේ පදවන්නන් නිර්‍රික්ශනය කරන කැමරා ගැන මාර්ගයේ දර්ශනය වෙන පුවරු මේ කැමරා සඳහා නොමැති අතර ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ දර්ශන ලබා ගත හැකි ස්ථාවර සහ ජංගම කැමරා පද්ධතියක් මීට ඇතුලත්.ඔබත් සමහර විට නිවාඩු කාලයට සිඩ්නි නගරයට වාහනය පදවන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකියි. නමුත් කලබල වෙන්න එපා. නිව් සවුත් වේල්ස් රජය මුල් මාස 3ක කාලය පුරාවට, වැරදිකාර පාර්ශව වෙත එවන්නේ 'අවවාදත්මක ලිපියක් පමනයි'. ඒ කියන්නෙ මේක 3 months grace period එකක්. එම කාලයෙන් පසුව, කැමරා හරහා නීතියේ රැහැනට හසු වෙන රියදුරන්ට $344 ක මූල්‍යමය සහ ඩිමෙරිට්ස් පොයින්ට්ස් 5ක දඩයක් නිකුත් කරනවා, පාසල් සීමාවේ නම් දඩ මුදල $457ක්. මෙතරම් විශාල වාහන ප්‍රමානයක්ෙක දිගට නිරීක්ශනය කරන්නේ බලාධරීන් යැයි සිතුවොත් එය වැරදියි. ලොව වටා මේ වෙනුවෙන් යොදාගත් හැකි නවීනතම තාකශයන් ගැන අධ්‍යයනයකින් පසු, ක්ෘතිම බුද්ධිය (Artificial Intelligence) තාක්ශනය සමඟ සම්බන්ධ කෙරුනු මෙම mobile phone detection camera systemය නිර්මාණය කල බව රජයේ Transport for NSW වෙබ් අඩවියේ සඳහන් වෙනවා. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ මෙහෙමයි.For Full story, visit my blog link:https://cyberwiparama.blogspot.com/2019/12/episode-51-artificial-intelligence.html
Broadcast on 3ZZZ radio on 17 Nov 2019 සිංහලෙන් සහ දෙමළෙන් Facebook හි අන්තර්ගත නියාමනය (content moderation) සම්බන්ධ ගැටලු සහ අභියෝග ගැන මාධ්‍යවේදී අමන්ත පෙරේරා සමග කල සාකච්ඡාව For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 13 Oct 2019මේ සතිය ඔස්ට්‍රේලියානු රජය නම් කරලා තියෙන්නෙ Stay Smart Online Week කියලා - ඔක්තෝබර් 7 සිට ඔක්තෝම්බර් 13 දක්වා රට පුරාවට අන්තර්ජාල ආරක්ශනය (Cyber Security) සම්බන්ධයෙන් ඉතා විශාල ලෙස දැණුවත් කිරීම් දියත් වෙනවා මෙහි අංගයක් විදියට.මෙම වසරේ තේමාව විදියට ඔවුන් නම් කරලා තියෙන්නෙ "Together we can reverse the threat of Cyber Crime" කියලා.ඇයි Together කියල කියෙන්නෙ? මෙච්චර දියුනු තාක්ශනයක් තියෙන ලෝකෙ ඇයි මේ සයිබර් හොරුන් තාක්ශනික උපක්‍රම යොදල අල්ලන්න බැරි? ඔබට එහෙම හිතෙනවා නම් ඒක සාධරණ ප්‍රශ්නයක්! නමුත් මේකට උත්තරේ නම් එච්චර ලස්සන එකක් නොවෙයි. මොන තාක්ශනේටත්වත් අපේ මෝඩකම් වහන්න බැහැ.. මේකta සයිබර් ආරක්ශන ක්ශේස්ත්‍රයේ ඉන්න අපි කියන්නෙ "Humans are the weakest link in the cyber security chain" කියලා..ඇයි එහෙම වෙන්නෙ? උදාහරන කිහිපයක් අරන් පැහැදිලි කර ගමු. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 29 Sep 2019අන්තර්ජාලය භාවිතා කරන් අයගෙන් අහිංසකම කාන්ඩය තමා ජීවිතයේ සැඳෑ සමය ගෙවන කාන්ඩය. ඔවුන්ගේ ජීවිතවලට අන්තර්ජාලය, පරිගණක ආගන්තුක දෙයක් වුනත්, ඔවුන්ට එයින් ඈත් වෙලා ඉන්න විදියක් නැහැ.බිල් පත් ගෙවන්න, බැන්කු ශේෂය බලා ගන්න, ඊමේල් පනිවිඩ බලා ගන්න වගේ දෛනික ජීවිතයේ කුදු මහත් අත්‍යවශ්‍ය අංග හැම දේකටම වගේ වැඩිහිටි ප්‍රජාවට සයිබර් අවකාශයට යන්නම වෙනවා. තාක්ශනය ගැන ලොකු දැනුමක් නැති ඔවුන්, ඔවුන් ඉදිරියේ මතු වෙන හැම දෙයක්ම ගන්නෙ ඇත්ත විදියට. ඉතින් ඔවුන්ගෙ පරිගණකයේ ලොකු ගැටලුවක් තියෙනවා, ඒක හදන්න මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න හෝ මේ අංකයට ඇමතුමක් ගන්න කිව්වොත්, ඔවුන්ගෙන් අති බහුතරය ඊට අවනත වෙනවා. නමුත් ඔවුන් දන්නෙ නෑ මේ උදව්වට එන්නෙ සයිබර් හොරුන් කියලා.ඇත්තටම එහෙම වෙන්නෙ කොහොමද?අද අපි ඒ ගැන කතා කරමු. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 1 Sep 2019මේ කාලෙ ජංගම දුරකතනයක් අත නැති කෙනෙක් හොයා ගන්නම නැති තරම්. පරිගණකයක් භාවිතා නොකරන කෙනෙක් වුනත් ජංගම දුරකථන හරහා තමන්ගේ කුදු මහත් කාර්‍යයන් කර ගන්නවා. මේ නිසාම සයිබර් හොරුන් ජංගම දුරකථන හරහා මිනිසුන් රවටා මුදල් හෝ වෙනත් පුද්ගලික විස්තර සොරා ගැනීමේ ස්කෑම් දැන් වැඩි වැඩියෙන් දියත් කරලා තියෙනවා.උදාහරණයක් විදියට මීට සති කිහිපයකට කලින් ඔස්ට්‍රේලියා පෝස්ට් වෙතින් එන ලෙසින් ආ ටෙක්ස්ට් පනිවිඩයකයින් කියවුනේ 'Package detained in Terminal' හෝ ' We are having problems delivering your package' - මේ එක්කම වැඩි විස්තර සඳහා වෙබ් අඩවියක ලිපිනයත් ඒ එක්කම සටහන් කරලා තිබුනා. දැන් මේ වෙබ් අඩවියට ගියාම එය හරියටම ඔස්ට්‍රේලියා පෝස්ට් වෙබ් අඩවියක් වගේ පෙනුනත් එය ඇත්තටම ඔවුන් මේ වංචනික වැඩය වෙනුවෙන් හදපු වෙබ් අඩවියක්. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 11 Aug 2019මේ දිනවල දැඩිව පැතිර යන sextortion email scam එකක් සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙස ඔස්ට්‍රේලියානු රජය අනතුරු ඇඟවීමක් කර තිබුනා. ස්කෑම් එකක් කියන්නෙ ඒමේල් හරහා කෙනෙක්ව රවටා මුදල්, පුද්ගලික විස්තර ආදිය සොරා ගැනීම වෙනුවෙන් යොදා ගැනෙන අසත්‍ය, වංචනික සහ සංවිධිත ක්‍රියාමාර්ග බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා. එසේ නම් sextortion scam එකක් කියන්නෙ මොකක්ද?මේ වචනය හැදෙන්නෙ sex සහ extortion වචන එකතු වෙලා එනම් මෙය සරලව කිව්වොත් ලිංගික කප්පම් ගැනීමක්.ඔස්ට්‍රේලියානු රජයේ eSafety Commissioner වෙබ් අඩවිය මෙය හඳුන්වන්නේ මෙලෙසයි.Sextortion is a form of blackmail where a perpetrator threatens to reveal intimate images of you online unless you give in to their demands. These demands are typically for money, further intimate images, or sexual favours.එනම් කෙනෙකුගේ ඉතා සංවේදී චායාරූප හෝ දර්ශන ප්‍රසිද්ධ කරනවා යන තර්ජනය හරහා එම පුද්ගලයාගෙන් මුදල්, තවත් එවැනි සංවේදී දර්ශන හෝ ලිංගික අල්ලස් ලබා ගැනීමේ හෝ ඒ සඳහා උත්සාහ දැරීම මෙයට ඇතුලත්. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 28 Jul 2019 මීට සතියකට විතර කලින්, FaceApp නමින් අලුත්ම රැල්ලක් සයිබර් අවකාශය පුරාවට පැතිර ගියා.. බාල, තරුණ, මහලු වෙනසක් නොමැතිව, මිලියන ගනනින් පිරිස් මෙම ඇප් එක තම ජංගම දුරකථනයට භාගත කරගෙන, ඉන් තමන්ගේ මුහුණ, වයසට ගිය විට දිස්වෙන අයුරු ඉතා තාත්විකව නිර්මානය කරන දෙස බලා අමන්දානන්දයට පත් වී, තමන්ගේම වයස්ගත චායාරූප සමාජ ජාලා හරහා බෙදා ගැනීමත් සමඟ මෙය රැල්ලක් බවට පත්වුනා...මෙම FaceApp ඇප් එක මඟින් මුහුන වයසට යවනවට අමතරව, මුහුන තරුන කිරීම, රැවුල එක් කිරීම, කොන්ඩය වෙනස් කිරීම වැනි විවිධ වෙනස් කිරීම් ඉතා තාත්ත්විකව, තත්පර කිහිපයක් ඇතුලත සිදු කරන්න පුලුවන්. බොහෝ දෙනෙක් එම ඇප් එක තමන්ගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රැම් වැනි සමාජ ජාලා ගිනුම් සමඟ සම්බන්ධ කර ගත්තේ හැකි ඉක්මනින් තම මිතුරු කවයන් සමඟ මේ අපූරු වයසට යවන ලද චායාරූප ශෙයා කර ගන්නටයි.නමුත් දවසක්, දෙකක් යන්නටත් කලින් බටහිර මාධ්‍ය මෙම රැල්ල සම්බන්ධයෙන් අතිශයින් විමසිලිමත් වන ලෙසින් උපදෙස් දුන්නා. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 14 Jul 2019කාන්තාවන්ගේ චායාරූපවලින් ඇඳුම් ඉවත් කර ඔවුන්ව නිරුවත් කරනා ඇප් එකක් ගැන පසුගියදා දා ආන්දෝලානාත්මක පුවතක් අසන්නට ලැබුනා. DeepNude නමින් හැඳින්වුන මේ App එක නිකුත් වූ මුල් දින කිහිපයේදී එය භාගත කර ගැනීමට පැමිණි ඉල්ලීම් ගණන කොපමනද යත්, ඉන් ඔවුන්ගේ servers පද්ධතිය පවා අකර්මණ්‍ය වුනා. මින් නිරුවත් කලේ කාන්තා රූප පමණක් වන අතර, එය නොමිලේ සහ ඩොලර් 50ක මිලින් යුතු වෙලුම් දෙකකින් යුක්ත වුනා. මින් නිර්මාන්‍ය කරන ලද රූපවල කාන්තාවන් කෙතරම් තාත්වික ලෙස ඔවුන් නග්න කලේද යන්න සහ කෙතරම් පහසුවෙන් සහ අඩු කාලයකින් එම ඇප් එක භාවිතා කරන්නෙකුට එය කල හැකි වුයේද ය්නාදිය ගැන ගැන මේ විෂයේ කෙළ පැමිණි විද්වතුන් පවා මවිතයට පත් වුනා. මෙය සම්බන්ධයෙන් ඉතා ප්‍රබල විවේචන මාධ්‍ය හරහා එල්ල වෙද්දී ඔවුන් එම ඇප් එක විකිනීම මේ වන විට නවතා තිබුනත් ඉදිරියේදී මෙය මීට වඩා දියුනු කර වෙනත් නමකින් නැවත මතුවීමත්, ඇප් එක හරහා නිර්මානය කරන ලද රූප සංසරනය වීම නැවත්වීමත් කල නොහැක්කක්.මේ ව්‍යසනයේ පරිමාව තේරුම් ගන්නට මෙහි පිටුපස ඇති තාක්ශණික පසුබුම ගැන ඉතා කෙටියෙන් සහ සරලව තේරුම් ගැණීමත් අත්‍යවශ්‍යයයි. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 30 June 2019මේ සතියේ වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා වන ජේම්ස් මර්ලිනෝ මහතා ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලා පාසල් දරුවන්ගේ ජංගම දුරකථන භාවිතාව සම්බන්ධයෙන් රජයෙන් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන වාරණයක් ගැන.ඔහුට අනුව ලබන වසරේ සිට ප්‍රාථමික සහ ද්‍රවිතියීක රජයේ පාසල්වල පාසල් කාල වෙලාවේදී ජංගම දුරකථන සපුරා තහනම්. ඔහු මේ බව සඳහන් කලේ මෙල්බර්න් නගරයේ මෙම වාරණය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන පාසලක් වන Mackinnon Secondary College හි පැවති වැඩටහනකදි. එදිනම ප්‍රාන්ත රජයේ නිල වෙන් අඩවියේ මාධ්‍ය නිවේදනයක් ලෙසද එය ප්‍රසිද්ධ කරන ලදී. එම නිවේදනය ආරම්භ වනේ මෙලෙසිනි. Mobile phones will be banned for all students at Victorian state primary and secondary schools from Term 1 2020, to help reduce distraction, tackle cyber bullying and improve learning outcomes for students. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 12th May 2019 ප්‍රේල් 21දා ශ්‍රී ලංකාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර නිසා අති විශාල අන්තර්ජාතික අවධානයක් අපේ මව් රට වෙත යොමු වුනා. ලොව සියලුම බලගතු රජයන් පාහේ විවිධ ක්‍රමවලින් උදව් කරන්නට ඉදිරිපත් වුනා. ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විමර්ශන කටයුතු සඳහා ෆෙඩරල් පොලීසිය (AFP) පවා ලංකාව වෙත යවන්නට ඉදිරිපත් වුනා.ඒ හැමෝටම වඩා වෙනස් නමුත් අන්තර්ජාතිකව ප්‍රබල කන්ඩායමක් මෙම ප්‍රහාරය හෙලා දකිමින් එහි වගකීම භාරගත් අයිසිස් ත්‍රස්තයන්ට එරෙහිව තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කලා. මේ තමයි ලෝ ප්‍රකට Anonymous නම් හැකර් කන්ඩායම.සුපුරුදු පරිදි, වෙස් මුහුනක් පැලඳ, කටහඬ ඩිජිටල් ක්‍රම අනුසාරයෙන් වෙනස් කල නිර්නාමික පුද්ගලයෙක් මෙම අනතුරු හැඟවීම සිදු කරනවා. එය ආරම්භ වන්නෙ මෙලෙසයි."Greeting citizens of the world. We are Anonymous.This is an important message to the ISIS extremists who are behind this weekend’s Easter Sunday attacks in Sri Lanka. This is a message from anonymous." For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 28 Apr 2019 දශකයකට පස්සෙ අපේ මව් රට නැවතත් මරාගෙන මරෙන බෝම්බ බියෙන් සහ ත්‍රස්තවාදයෙන් ඇලලී ගිහින්. පාස්කු ඉරිදා දේව මෙහෙයවලට සහභාගී වූ සහෝදර කිතුනු බැතිමතුන් සහ අගනුවර සුපිරි හෝටල් කිහිපයක උදෑසන ආහාර ගනිමින් සිටි අහින්සකයන් තුන්සීයකට වඩා වැඩි පිරිසක් සිති පිත් නැති අයිසිස් ත්‍රස්තයන්ගේ ගොදුරු වුනා. මව් රටේ නොහිටියත්, ශ්‍රී ලාංකිකයන් විදියට අප සැම මේ ගෙවන නිමේශයේ ශෝකය වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශාලයි. මෙය වැලැක්විය හැකිව තිබූ ප්‍රහාර මාලාවක් බව දැන ගනිද්දි සහ අනතුර තවම පහව ගියේ නැති නිසා අපේ ආදරණීයන් තවමත් භීශණයෙන් ජීවිත බියෙන් සිටිනා වග සිහි කරද්දි අතිශය කළකිරීමක් සහ වේදනාවක් අපට දැනෙන එක නවත්තන්න බැහැ. රජය මේ මොහොත වෙන විට සමාජ ජාලා වාරණයක් ක්‍රියාත්මක කරනවා, ඒ කියන්නේ Facebook, Twitter, Whatsapp, Viber, Snapchat වැනි social media and messaging apps ලංකාව තුල ඉඳලා භාවිතා කරන්න බැරි විදියට අවහිර කරලා තියෙන්නෙ. මේකට හේතුව විදියට සඳහන් වෙන්නේ, අසත්‍ය තොරතුරු සමාජගතවීම නිසා, මිනිසුන් ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යොමු වෙන එක වළක්වන්න කියලා. Fake News සංසරණය වීම ගැන සමාජ ජාලාවලට චෝදනා එල්ල වෙන්නෙ බොහෝ කාලෙක ඉඳලා - එනිසා සමාජ ජාල භාවිතයෙදි ඒ අනතුර ගැන, විශේෂයෙන්ම හදිසි අවස්ථාවලදී ඉන් විය හැකි හානි කලමනාකරනය කිරීම කල යුතුව තිබෙනවා.For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 31 Mar 2019මාර්තු 15 වෙනි සිකුරාදා නවසීලන්ත ඉතිහාසයේ අඳුරුම දිනයක් වුනා.. ක්‍රයිස්චර්ච් නගරෙයේ මස්ජිඩ් අල් නූර් පල්ලියට සන්නද්ධව ඇතුලු වු පුද්ගලයෙක් ස්වයංක්‍රීය රය්ෆිල් යොදාගෙන පල්ලියේ යාඤා කරමින් සිටි මුස්ලිම් බැතිමතුන්ට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත්තා.. මින් 50 දෙනෙක් ජීවිතක්ශයට පත් වූ අතර විස්සකට අධික පිරිසක් බරපතල ලෙස තුවාල ලැබුවා.මේ බිහිසුනු ප්‍රහාරය සයිබර් මාධ්‍ය භාවිතාව පැත්තෙන් ඉතා භයානක ප්‍රවනතාවයක් සනිටුහන් කලා. ඒ තමයි ඔහු එම සමූල ඝාතනය වෙනුවෙන් පැමිණීම සහ ඒ වෙඩි තැඹීම, හිස පැලඳි හෙල්මටයේ රඳවාතිබු Go Pro නම් ඉතා කුඩා නමුත් ප්‍රබල කැමරාවක් හරහා සජීවීව තමන්ගේ ෆේස්බුක් ගිනුමෙන් විකාශය කිරීම. ඝාතනයට සූදානමක් ලෙස 8chan forum නම් වූ වාරනයෙන් තොර වෙබ් අවකාශයක ඉතා දීර්ඝ කරුනු දැක්වීමක් manifesto එකක් ලෙස එකතු කරමින් තමන්ගේ ෆේස්බුක් පිටුවේ යොමුවක්ද කරමින් අන්ත දක්ශිණාංශික පාර්ශ්වවලට මේ ගැන කලින්ම ඔහු ඉඟි කිරීමක් කර තිබුනා. එනිසා විනාඩි 17ක් තිස්සේ ඔහුගේ වෙඩි ප්‍රහාරය නිසා නිරායුධ අහිංසකයන් ඇද වැටෙද්දී, එය ඒ මොහොතේම ෛතා විශාල පිරිසකට දර්ශනය වුනා. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් යන ආයතන විනාඩි 20 ඇතුලත මෙම වීඩියෝව ඉවත් කලේ නවසීලන්ත පොලිසියේ ඉල්ලිම මතයි. නමුත් පැය 24ක් ඇතුලත මෙම වීඩීයෝවෙම, විවිධ ක්‍රම හරහා ජාල ගත කිරීම් මිලියන 1.5ක් ඔවුන්ට නැවත ඉවත් කරන්නට හෝ upload ප්‍රයත්නයන් අවහිර කරන්නට සිද්ධ වුනා. කිසිම මාධ්‍ය ආයතනයක් මෙම සංවේදී දර්ශන විකාශය නොකරන්නට වග බලා ගත්තත් එලෙසින් සයිබර් අවකාශයට එකතු කරන ලද යමක් 100% ඉවත් කරන්නට බැහැ.. එහි භාගත කරන ලද දර්ශන හෝ වීඩියෝවේ නිස්චල චායාරූප හුවමාරු වීම නැවැත්වීම අතිශය අපහසු කටයුත්තක්. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 10 Mar 2019ඇයගේ මුහුන බියකරුයි.. පැස්බරෙක්ගෙ වගේ ලොකු ඇස් තියෙන මේ මොමො කියන චරිතය අන්තර්ජාලය හරහා දරුවන් බලන යුටියුබ් වීඩියෝ, වට්සැප් වීඩියෝ ආදිය මැද්දෙන් ඇවිත් ඒ දරුවන්ව බිය ගන්වනවා.. ඒ දරුවන්ට බල කරනවා තමන්ටම හානි කර ගන්න. සමහර දරුවන් සියදිවි පවා නැති කරගෙන තියෙනවා. ඒ රූපය පවා දකිද්දි මිලියන ගනනින් ලොව වටා දරුවන් බියෙන් තැති ගන්නවා. මේක මාරාන්තික ක්‍රීඩාවක් - එය සමහර මාධ්‍ය වාර්තා කලේ "An evil suicide game" නමින්.. මෙයට කියන්නෙ මොමො චැලෙන්ජ් කියලාඅද දවසේ අපි කතා කරන්නෙ මේ ව්‍යසනයෙන් දරුවන් බේරා ගන්න ආකාරය කියලා ඔබ දැන් හිතනවා ඇති නේද? කොහෙත්ම නැහැ.. හේතුව මම ඒ කිව්ව ඔක්කොම බොරු. ඔව්, ඔබට සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන්... ඇයි මම බොරුවක් නම් ඒ ගැන අද ඇයි මේ කතා කරන්නෙ. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/
Broadcast on 3ZZZ radio on 25 Feb 2019මීට අවුරුද්දකට විතර කලින් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රිතාන්‍ය රටවල් කේන්ද්‍ර කරගෙන, තරුණ දරුවන්ගේ ඩිජිටල් භාවිතය සම්බන්ධ ඉතා වැදගත් සමීක්ශණයක් පැවැත්වුවා. මෙහි ප්‍රතිපල අතරින්, ඔබගේ සමහර විට නළල රැලි ගන්වන, සාමාන්‍යයෙන් සංස්ක්ෘතික කාරනා මත අප දරුවන් සමග කතා කරන්න මැලිවෙන සංසිද්ධියක් ගැන තමා අද මම හෙලි කරන්නෙ.ඒ තමයි sexting ප්‍රවනතාවය.මොනවද මේ sexting කියන්නෙ? මේ වචනෙ හැදෙන්නෙ sexසහ texting කියන වචන එකතු වෙලා. දැන් ඔබට ටිකක් පැහැදිලි ඇති. ටෙක්ස්ට් හෝ sms වෙනුවට තාක්ශනය යොදාගෙන තමන්ගේ නිරුවත්, අඩ නිරුවත් හෝ ලිංගිකත්වය මූලික කර ගත් වීඩියෝ, රූප, පනිවිඩ ආදිය (sexually explicit content) තාක්ශණය හරහා හුවමාරු කර ගැනීම තමයි මින් අදහස් වෙන්නෙ. For full story - visit my blog - http://cyberwiparama.blogspot.com/